ශානි සහ SI රෝහණ යළි රිමාන්ඩ් - නිශාන්ත සිල්වා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
Thursday, 20 August 2020 - 12:17 | Views - 521
සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමඟ හැරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරික්ෂක රෝහණ මෙන්ඩිස් සැප්තැම්බර් මස 03වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ මහෙස්ත්රාත් මංජුල කරුණාරත්න මහතා අද 20 නියම කළා.
මේ අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා නමැති අයවද මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කල අතර එම සැකකරුව අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කිරීමටද අද අධිකරණය තීරණය කළා.
Share This Article