පෙන්ගුවින් පක්ෂීන් බිහි වී ඇත්තේ ඔස්ටේ්රලියාවෙන් හා නවසීලන්තයෙන් බව හෙළිවෙයි
Thursday, 20 August 2020 - 12:05 | Views - 772

හිමෙන් වැසුණු ශීතල උත්තර ධ්‍රැවයේ හා දක්ෂිණ ධ්‍රැවවල වාසය කරන පියෑඹිය නොහැකි ආකර්ෂණීය පක්ෂීන් විශේෂයක් වන ‘පෙන්ගුවින් ’ලාගේ නිජ බිම මෙතෙක් සිතා සිටි ආකාරයට ඇන්ටාක්ටීකා ප්‍රදේශය නොව ඔස්ටේ්රලියාව හා නවසීලන්තය බව ඇමරිකා එක්සත් ජනපදයේ බර්ක්ලි නගරයේ පිහිටි කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය කරගෙන තිබේ.
මෙයට පෙර විද්‍යාඥයන් විසින් නිගමනය කර තිබුණේ මෙම පක්ෂීන් ඇන්ටාක්ටීකා ප්‍රදේශයේ බිහි වූ පක්ෂි විශේෂයක් ලෙසයි. ලොව පුරා විශ්වවිද්‍යාල හා කෞතුකාගාරවල සහාය ඇතිව සිදු කර ඇති මෙම අධ්‍යයනයේදී පෙන්ගුවින් වර්ග 18ක ගෙන් ලබාගත් රුධිර හා පටක සාම්පල පරීක්ෂාවට ලක් කර තිබේ. මෙම පරීක්ෂණවල ප්‍රතිඵල යොදා ගෙන වසර දහසකට පෙර පැවති පෙන්ගුවින් පක්ෂීන්ගේ හැසිරීම් රටාවන් පිළිබඳව අධ්‍යයනය කිරීමට පර්යේෂකයෝ පියවර ගෙන තිබේ. මෙම අධ්‍යයනයේ ප්‍රතිඵලයට අනුව ‘ක්‍රවුන්’ වර්ගයේ පෙන්ගුවින් පක්ෂීන් බිහි වී ඇත්තේ මුලදී විශ්වාස කළ පරිදි ඇන්ටාක්ටික් කලාපයේ නොව ඕස්ටේ්රලියාවේ සහ නවසීලන්තයේ බව අනාවරණය වී තිබේ.
අනතුරුව ‘කිංග් ’ හා ‘එම්පරර් ’ වර්ගයේ පෙන්ගුවින් පක්ෂීන් සෙසු පෙන්ගුවින් පක්ෂීන්ගෙන් වෙන් වී ඇන්ටාක්ටික් කලාපය වෙත සංක්‍රමණය වී ඇති බව පර්යේෂකයෝ පවසති. එම පෙන්ගුවින් පක්ෂීන් විශේෂයෙන් මෙම කලාපයට සංක්‍රමණය වී ඇත්තේ එහි පවතින විශාල ආහාර සැපයුම හේතුවෙන් බව හෙළි වී තිබේ.
මෙම අධ්‍යයනයේ වාර්තාව ඉකුත් සඳුදා (17දා) නිකුත් කළ ‘නැෂනල් ඇකඩමි ඔෆ් සයන්සස්’ සඟරාවේ පළ කර තිබේ.
Share This Article