වියපත් ජපන් යුවළකුත් නිවසේ නවත්තාගෙන, දඹූල්ලේ ජෝඩුවක් කාලයක් තිස්සේ කරගෙන ගිය ජාවාරම
Thursday, 20 August 2020 - 11:55 | Views - 13,123

ජපානයේ අධ්‍යාපනය සහ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් ඒ සදහා ව්‍යාජ ලියකියවිලි සෑදීමට මුදල් ලබාගන්නා ජාවාරමක් මේ දිනවල දඹුල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක වනවා.
අද සී.අයි.ඒ.අනාවරණය ඒ පිළිබඳවයි..................
මෙරට තරුණ ,තරුණියන් විශාල පිරිසක් විදෙස්ගතව අධ්‍යාපනය ලබන අතරතුර රැකියා කිරීම සඳහා යොමුව තිබෙනවා.
ජපානය තුළ එවන් අවස්ථා පහසුවෙන් ලබාදිය හැකි බව පවසමින් දඹුල්ල රෝහල ඉදිරිපිට කුලී නිවසක වාසය කරන යුවලක් මුදල් වංචා කිරීමේ ජාවාරමක් ආරම්භ කර තිබෙනවා.
වියපත් ජපන් යුවළකට එම නිවසේ නවාතැන් ලබාදෙමින් ඔවුන් හරහා ජපන් භාෂාව උගන්වා ජපානයේ වීසා ලබාදෙන බවයි මොවුන් පවසන්නේ.
විදෙස් ගත කිරීමට අවශ්‍ය ලියකියවිලි ව්‍යාජව සැකසීම සදහා බව පවසමින් ඔවුන් දඹුල්ල අවට පුද්ගලයන් රැසකගෙන් විවිධ ප්‍රමාණ වලින් මුදල් ලබාගෙන තිබුණා.
හිරු සී.අයි.ඒ.කණ්ඩායම මෙම වංචාව රට හමුවේ හෙලි කිරීම සදහා අදාල පුද්ගලයා සොයා දඹුල්ල ප්‍රදේශයට ලගා වුණා.
ජපානෙ ඔසාකා, නගෝයා, ෆුකෝකා, හිරෝෂිමා ප්‍රාන්තවල තමයි ඉස්කෝල තියෙන්නෙ.
ඉන්ටවීව් තියනවා ලබන මාසෙ, අපි ජනවාරිය වෙනකොට ඩොකියුමන්ට් ටික යවන්න ඕනෙ
පෙබරවාරි අග ඔයාලගෙ වීසා එක එනවා.
ආපු ගමන් යන්න ඕනෙ
එහෙ වැඩ කරන්න බැරි ද ?
පුළුවන්, පුළුවන්
පාට් ටයිම් කරනවා
ජොබ් 2 ක් කරන්න පුළුවන්
තරුණ, තරුණියන්ට විදෙස් අධ්‍යාපන හා රැකියා පිළිබදව එලෙස සිහින පෙන්වන මොහු රුපියල් ලක්ෂ 02 ක මුදලක් වංචනිකව ලබා ගැනීම සඳහා කටයුතු කරන්නේ මෙලෙසයි.
කෝස් ෆීස් කීය ද ?
අපි ඔයාලගෙ ඩොකියුමන්ට් හදනකොට ඔයාලට බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් හදන්න ඕනෙ
ඩොකියුමන්ට් හදන කිහිපදෙනෙක් ඉන්නවා.
එයාලට ඒ වැඩේ භාරදෙනව
ටැක්ස් ෆයිල් ටික හදන්න ඕනෙ
ලංකාවෙ අපි ටැක්ස් පේ කරනවා කියලා
අපි ඩොකියුමන්ට් හදනවා
කොච්චරක් පෙන්වන්න ඕනෙ ද?
ලක්ෂ 35 ක් විතර පෙන්නන්න ඕනෙ
ඒකට බෑන්ක් බුක් එකක් ඔරිජිනල් හදනවා.
ඒක ප්‍රශ්නයක් නැද්ද ?
ඒක ප්‍රශ්නයක් නෑ
මොහුගේ සට කපටකම්වලට රැවටුණු බොහෝ පිරිසක් මේ වනවිටත් රුපියල් ලක්ෂ ගණනක් අහිමි කරගෙන අවසන්.
කෙසේ වෙතත්, කලක පටන් සිදුකරගෙන ගොස් තිබු මෙම වංචාව හිරු සී.අයි.ඒ. දැනුම්දීම මත පොලිසිය විසින් වටලනු ලැබුවා.
ඒ පිළිබඳ තොරතුරු හෙට හිරු සී.අයි.ඒ. හරහා ගෙන ඒමට අප සුදානම්.
Share This Article