නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය - පාර්ලිමේන්තුව පස්වරු 03 දක්වා කල්තැබේ
Thursday, 20 August 2020 - 10:35 | Views - 529
09 වන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය පත්වුනා.
ඔහුගේ නම යෝජනා කළේ අමාත්‍ය මහින්ද අමරවීර විසින්.
එයද පාර්ලිමේන්තු සභාව විසින් සම්මත කෙරුනා.
නියෝජ්‍ය කාරක සභාවේ සභාපතිවරයා ලෙස අංගජන් රාමනාදන් පත්කිරීමට නිමල් සිරිපාල සිල්වා විසින් යෝජනා කළ අතර සභාව විසින් එය ස්ථිර කෙරුණා.
අනතුරුව අද පස්වරු 03 දක්වා පාර්ලිමේන්තුව කල්තැබුනා.
Share This Article