නරුමයෙක් නිසා ඉන්ටනෙට් එකේ සැරිසරන්න අරන්, සමාජයක් ඉස්සරහා අවමන් වින්ඳ තරුණියට, අවසානයේ අත්වුනු ඉරණම
Thursday, 20 August 2020 - 8:59 | Views - 382

ඔබේ සිහින සමඟින් සැරිසරන්නේ අවකාශයක... ඒ අවකාශය වර්ණවත්, විනෝදජනකයි. ඔබ ඒ අවකාශය තුළ හඳුනාගන්නා පුද්ගලයින් සැබෑම පුද්ගලයින්ද ?
අන්තර්ජාලය හා ජංගම දුරකථන භාවිතය සමාජය තුළ වඩාත් ප්‍රචලිත වන විට ඒ හා සම්බන්ධව ගොඩ නැගුණූ ස්කයිප්, මුහුණු පොත සහ සමාජ වෙබ් අඩවි වැනි සමාජ ජාලා ඔස්සේත්, අනෙක් පසින් නාඳුනන ජීවිත විසින් එක් එක් චරිතයින් ඛේදවාචකයන් බවට පත් කිරීමට ක්‍රියා කරමින් තිබෙනවා.
අපගේ උත්සහාය සියලුම සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්හට හසු නොවෙමින් සැරිසරන්නට කියා දීමයි.
මේ.... හිරු ටිවී ඔස්සේ විකාශය වූ Cyber Crime කතා මාලාවේ පළමු දිග හැරුමයි..............
මේ කතාවේ නායකයා අනුෂ්ක... නායිකාව නිලූ. ඔවුන් දෙන්නා තමයි මේ කතාවට පෙම්වතුන් වුනේ. නිලූ රැකියාව කළේ වෛද්‍ය මධ්‍යස්ථානයක...
බෝඩිම් කාමරේ යෙහෙළියෝ එක්ක කාලය ගත කරන අතරතුරදී තමයි නිලූට ඇගේ පෙම්වතාව අහම්බෙන් මුණ ගැහෙන්නේ. මේ විදිහට කාලය ගත කරන ඔවුන් දෙන්නා "සීමාවන්" ගැන නොහිතාම ප්‍රේමයෙන් මං මත් වුනා.
නිදහස් අවකාශයක් ඇතුළේ හිතු හැටියට පෙම් කරපු ඒ දෙන්නාගේ "රසමුසු ප්‍රේම ජවනිකා" කිහිපයක් එක්වරම අන්තර්ජාලය තුළින් මතු වෙද්දි නිලූ මහා විශාල කම්පනයකට පත් වුනා.
ඒත් තමන් ඒ වරද නොකරපු බව තමයි අනුෂ්ක පුන පුනා කිව්වේ. අවසානයේ.... මේ අභිරහස් "ඡායාරූප පිටවීම" ගැන කියන්න ඔවුන් දෙදෙනාම එකතුව පොලිසියට යන්න තීරණය කරනවා. එතැනදී අනුෂ්කට මතක් වෙනවා, තමන්ගේ දුරකථනය ෆෝන් ෂොප් එකකට "හදන්න දුන්නු" වග.
තමන්ගෙත් නිලූගෙත් අතිශය රහසිගත ඡායාරූප "ඩිලිට්" කළා වුනත් මොන යම් හෝ විදිහකින් "ෆෝන් ෂොප්" එකේ හිටපු අය ඒ ඡායාරූප පැහැර අරගෙන මුදා හැරලා තිබුණා.
එතැන් සිට ඒ කතාවට සිදු වූ දේ පහත වීඩියෝවෙන් බලන්න....
ඒ වගේම සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් සැරිසරන ඔබ ඒ ගැන අවධානයෙන්, බුද්ධියෙන් ක්‍රියා කරන්න අමතක කරන්න එපා..!
Share This Article