හක්මන ටිපර් රථ අනතුරෙන් තුවාල ලැබූ අනෙක් පොලිස් නිලධාරියාත් මරුට
Thursday, 20 August 2020 - 8:42 | Views - 692
හක්මන - කෝන්ගල - 13 කණුව මාර්ග බාධකයේදී ටිපර් රථ රියදුරෙකු විසින් යටකර බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් පොලිස් නිලධාරියා ද අද අලූයම ජීවිතක්ෂයට පත්වුණා.

හක්මන පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ පොලිස් නිලධාරියා මාසයකට වැඩි කාලයක් මාතර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 47 හැවිරිදි මාතර - කිරින්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පසුගිය ජුලි 13 වන දා රාත්‍රියේ කිරින්ද නගරයේ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් මාතර සිට හක්මන දෙසට වැලි ප්‍රවාහනය කරමින් තිබූ මෙම ටිපර් රථය නතර කරන ලෙසට දැනුම් දී තිබුණා.

ඊට අවනත නොවී ටිපර් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් එහි රියදුරුට දඩ කොළයක් නිකුත් කර තිබුණේ මාර්ග නීති උල්ලංඝනය කිරීම යටතේයි.

කෙසේ වෙතත්, ටිපර් රථ රියදුරු යළි ටිපර් රථය පොලිස් නිලධාරීන් සිටින ස්ථානයට හරවාගෙන පැමිණ ඔවුන් යට කර තිබූ අතර එම ස්ථානයේදීම එක් නිලධාරියෙකු මිය ගොස් තිබුණා.

තවත් දෙදෙනෙකු සිද්ධියෙන් තුවාල ලැබූ අතර ඔවුන්ගෙන් එක් අයෙකු මේ වනවිටත් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top