කිලිනොච්චියේ යතුරුපැදි අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Thursday, 20 August 2020 - 8:38 | Views - 312
කිලිනොච්චිය,කනකපුරම් ප්රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුරෙන් තවත් තරුණයෙකු බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් ජිවිතක්ෂයට පත්වූවන් සහ තුවාල ලත් තරුණයා වයස අවුරුදු 18 ත් 20 ත් අතර පසුවන බවයි වාර්තා වන්නේ.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එක් යතුරුපැදියක මෙම තරුණයන් තිදෙනාම පැමිණ ඇති බවයි.
කිලිනොච්චිය,කනකපුරම් ප්රදේශයේ පැරණි LTTE සුසාන භූමියක් අසලදී වේගය පාලනය කර ගැනීමට නොහැකි වූ යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන ඒ අසළ ඇති කොන්ක්රීට් කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
කිලිනොච්චිය පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන්නේ.
Share This Article