සංගීත ප්‍රසංග යළි ආරම්භ කිරීම ගැන අවධානය
Thursday, 20 August 2020 - 8:32 | Views - 510
සංගීත ප්‍රසංග යළි පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව ජාතික උරුමය, ප්රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළා.
සංගීත ප්‍රසංග පැවැත්වීම තාවකාලිකව තහනම් කෙරුණේ කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රජය ගෙන ගිය වැඩපිලිවෙල යටතේයි.
ඒ අනුව ඒවා යළි පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් යෝජනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරියේදී යොමු කරන බවයි හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
ඊට අදාළ අනුමැතිය ලැබුනහොත් ඉදිරියේදී සංගීත ප්‍රසංග පැවැත්විය හැකි බව ද ඔහු ප්‍රකාශ කළා.
Share This Article