රාජ්‍ය බැංකු හතරේ අක්‍රමිකතා සෙවීමට කමිටුවක් පත් කෙරේ
Wednesday, 19 August 2020 - 16:17 | Views - 517
ඉකුත් වසර පහේදී රාජ්‍ය බැංකු හතර තුළ සිදුවූ අක්‍රමිකතා, ඵලදායි නොවූ ක්‍රියා සහ අරමුණුවලට පටහැනිව කටයුතු කළ අවස්ථා සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි.

ඒ අනුව, කොවිඩ් 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණදෙන අභියෝග ජය ගැනීම සඳහා රාජ්‍ය බැංකු හතර සහ ඊට අනුබද්ධ ආයතනවල 2015 ජනවාරි 8 වනදායින් පසු සිදුව ඇති අක්‍රමිකතා සහ ඵලදායි නොවූ ක්‍රියාවන් මෙන්ම, ගණුදෙනු විධිමත්ව අධ්‍යයනය කිරීමට මෙම සිව් පුද්ගල කමිටුව පත් කර තිබෙනවා.

හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, මාස 3ක් ඇතුළත ඉදිරිපත් කරනු ලබන නිර්දේශ සහිත වාර්තාව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මගින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top