රාජ්‍ය බැංකු හතරේ අක්‍රමිකතා සෙවීමට කමිටුවක් පත් කෙරේ
Wednesday, 19 August 2020 - 16:17 | Views - 518
ඉකුත් වසර පහේදී රාජ්‍ය බැංකු හතර තුළ සිදුවූ අක්‍රමිකතා, ඵලදායි නොවූ ක්‍රියා සහ අරමුණුවලට පටහැනිව කටයුතු කළ අවස්ථා සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි.
ඒ අනුව, කොවිඩ් 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණදෙන අභියෝග ජය ගැනීම සඳහා රාජ්‍ය බැංකු හතර සහ ඊට අනුබද්ධ ආයතනවල 2015 ජනවාරි 8 වනදායින් පසු සිදුව ඇති අක්‍රමිකතා සහ ඵලදායි නොවූ ක්‍රියාවන් මෙන්ම, ගණුදෙනු විධිමත්ව අධ්‍යයනය කිරීමට මෙම සිව් පුද්ගල කමිටුව පත් කර තිබෙනවා.
හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, මාස 3ක් ඇතුළත ඉදිරිපත් කරනු ලබන නිර්දේශ සහිත වාර්තාව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මගින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.
Share This Article