ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සේවාවන් රටේ දුෂ්කර පළාත්වලටත්
Wednesday, 19 August 2020 - 15:14 | Views - 221
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සේවාවන්  රටේ දුෂ්කර පළාත්වලටත් ව්‍යාප්ත කරන බවත්, ඒ සඳහා අවශ්‍ය වන ප්‍රතිපත්තිමය හා උපාය මාර්ගික  කරුණු ඇතුලත් කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙසත් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය  විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය  එම ආයතනයේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළාය.
 
අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ(18) රත්මලාන පිහිටි ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.
 
විශේෂයෙන්ම එම ආයතනයේ පුහුණුව ලබන සිසුන්ගේ වෘත්තීය පුහුණුව ගුණාත්මක ලෙස ඉහල නැංවීමට අදාල වන  ගැටළු පිළිබඳව මෙන්ම ආයතනික ගැටළු පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙබඳු ආයතන දුෂ්කර පළාත්වලටද ව්‍යාප්ත කිරීමේ වැදගත්කමද  පෙන්වා දුන්නාය.
 
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ ද, ප්‍රකාශ කළාය.
 
“නිපුණතා සංවර්ධනට සහ වෘත්තීය පුහුණුවට අදාල පැහැදිලි ඉලක්ක කීපයක් අපට ලබා දී තිබෙනවා. එහි දී වැඩි අවධානයක් මෙම ආයතනයට යොමු වී තිබෙනවා. එම ඉලක්ක අප සපුරාගත යුතුයි. ඒ නිසා රටේ දුෂ්කර ප්‍රදේශ වලටත් මෙම ආයතනය ව්‍යාප්ත කළ කරනවා. විශේෂයෙන් මෙම ආයතනයට ඇති ඉල්ලුම වැඩි කළ යුතුයි. ඒ සඳහා පාසල් අධ්‍යපනයෙන් බැහැර වන නිපුණතාවක් නොමැතිව සමාජගත වන තරුණ පිරිස ආකර්ෂණය කර ගැනීමට අවධානය යොමු කළ යුතුයි.”
 
රටේ විවිධ පළාත්වලට ගැළපෙන ආකාරයෙන්, ප්‍රාදේශීය විෂමතාවයන් හඳුනාගනිමින් කටයුතු කළ යුතු ආකාරයත්, ඇතැම් ප්‍රතිපත්තීන් එයට ගැළපෙන ආකාරයෙන් සංශෝධනය කොට ප්‍රායෝගිකව යොදා ගැනීමට ඇති හැකියාවන් පිළිබඳවත් සොයාබලා  කඩිනම් වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙසත්  අමාත්‍යවරිය අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top