නිලන්ත ජයවර්ධනගේ තාක්ෂණික සාක්ෂිය
Wednesday, 19 August 2020 - 14:50 | Views - 406

පාස්කු ප්‍රහාරයට පෙර පැවති බුද්ධි සමාලෝචන රැස්වීමේදී ඊට එක්වූ බලධාරීන්, මෙරට තුළ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ල වන බවට ලද විදෙස් බුද්ධි තොරතුර පිළිබඳව අවම අවධානයක් යොමුකර ඇති බව අනාවරණය වුණා.
ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඊයේ 13 වන දිනටත් සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියී.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ 13 වන දිනටයි.
සාක්ෂි විමසමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළේ පසුගිය වසරේ අප්‍රේල් 9 වන දින පැවති බුද්ධි සමාලෝචන රැස්වීමට නිලන්ත ජයවර්ධන මහතා සහභාගී වූයේද යන්නයි.
එදින පෙරවරු 10ට ආරම්භ වූ අදාළ බුද්ධි සමාලෝචන රැස්වීමට තමන් එක්වූ බවත් ඒ සඳහා එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මෙන්ම බුද්ධි සේවාවන්හි අධ්‍යක්ෂවරු, පොලිස්පතිවරයා හා ත්‍රිවිධ හමුදාපතිවරු එක්වූ බව නිලන්ත ජයවර්ධන මහතා පැවසුවා.
Share This Article