දිවා කාලයේ විදුලි කප්පාදුවටත් සැලසුම්
Wednesday, 19 August 2020 - 13:26 | Views - 767
අවශ්‍ය වුවහොත් රාත්‍රී කාලයට අමතරව දිවා කාලයේදී විදුලි කප්පාදුව සිදුකිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

දැනට පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා පැය 4ක කාලයක් දිවයින පුරා පැය බැගින් විදුලි කප්පාදු කිරීමටයි ඊයේ තීරණය කෙරුණේ. මෙරට දෛනික විදුලි උත්පාදනය ගිගාවොට් පැය 35.44ක් වන අතර, ඒ අනුව, කාර්ය බහුල වේලාවල මෙරට විදුලි ඉල්ලූම මෙගාවොට් 2203 යි දශම 44 ක් වනවා.

කෙසේ වෙතත්, කෙරවළපිටිය ග්‍රිඞ් උපපොලේ පෙරේදා ඇති වූ බිඳ වැටීමත් සමග මෙරට ජාතික විදුලි උත්පාදනයෙන් මෙගාවොට් 300 ක ප්‍රමාණයක් අහිමිවුණා.

එමෙන්ම, එම විදුලි පද්ධතිය බිද වැටීමත් සමග නොරොච්චෝලේ විදුලි බලාගාරය ද මේ වනවිට අක්‍රිය වී තිබෙනවා.

එම බලාගාරය අක්‍රිය වීම තුළින් ද මෙරට ජාතික විදුලි උත්පාදනයෙන් මෙගාවොට් 900 ක ප්‍රමාණයක් අහිමිවී ගොස් ඇති බැවින් ඉල්ලූමට සරිලන විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි වීම හේතුවෙන් ඊයේ සිට දින 4ක කාලයක් විදුලි කප්පාදු කිරීමටයි විදුලිබල මණ්ඩලය පියවර ගත්තේ.

නොරොච්චෝලේ විදුලි බලාගාරය යළි ක්‍රියාත්මක කිරීම සදහා තවත් දින දෙකක පමණ කාලයක් යන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් සඳහන් කළා. දහවල් කාලයේදී සූර්යකෝෂ උපයෝගි කර ගනිමින් ජාතික විදුලිබල සැපයුම ක්‍රියාත්මක කෙරෙනවා.

කෙසේ වෙතත්, දහවල් කාලයේදී විදුලි ඉල්ලූම වැඩි වුවහොත් විදුලි කප්පාදුවක් සිදුකිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව, පැයයි, විනාඩි 45 ක පමණ කාලයක් දහවල් කාලයේදී කලාප වශයෙන් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් කියා සිටියා.

මේ අතර, විදුලි කප්පාදුවත් සමග ඇතැම්විට ජල සැපයුමට ද බාධා එල්ල විය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඔවුන් විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා ඇත්තේ විදුලිජනන යන්ත්‍ර නොමැති බියගම, අඹතලේ සහ කෙත්හේන යන ජල පවිත්‍රාගාර පිහිටි ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුනොකරන ලෙසයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top