කරාපිටිය රෝහලේ අධ්යක්ෂ රිය අනතුරකට ලක්වෙයි
Wednesday, 19 August 2020 - 10:32 | Views - 796
ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා එම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ වෛද්‍යවරයා වැලිපැන්න සහ කුරුඳුගහහැතැක්ම අතර කොටසේදී ඊයේ මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි.
රාජකාරී සඳහා පැමිණෙමින් සිටියදී ඔහු ගමන් කළ මෝටර් රථය මාර්ගයේ එක් පසෙක පිහිටි ආරක්ෂක වැටෙහි ගැටී ඇති අතර, රියදුරාට නින්ද යාම අනතුරට හේතුව බව අනාවරණ වී තිබෙනවා.
Share This Article