මිලි ලීටර් 180 මත්පැන් බෝතල් සඳහාත් තැන්පත් මුදලක් තබාගෙන අලෙවි කිරීමේ යෝජනාවක්
Wednesday, 19 August 2020 - 10:25 | Views - 230
මිලිලීටර් 180 මත්පැන් බෝතල් සඳහා සුළු මට්ටමේ තැන්පත් මුදලක් තබාගෙන මත්පැන් බෝතල් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, හිස් මත්පැන් කෑන් අලෙවි කරන වෙළඳ බලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිතව අදාළ කෑන් තැලීමේ සරල යන්ත්‍ර සවි කිරීමට ද යෝජනා වී තිබෙනවා.
එම හිස් කෑන් යන්ත්‍ර තලා ආපසු භාර දී මුදල් ලබා ගැනීමේ ක්‍රමවේදයක් ද හඳුන්වා දීමට යෝජනා වී ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ.
පසුගිය වසරේ සංඛ්‍යාලේඛනවලට අනුව මත්පැන් සහිත විවිධ ධාරිතාවයෙන් යුත් බෝතල් මිලියන 300කට අධික ප්‍රමාණයක් සහ ලෝහ කෑන් මිලියන 160ක් පමණ වසරකදී අලෙවි වන බවත්, ඒවා නැවත භාවිතයකින් තොරව පරිසරයට එකතු වීමේදී පරිසර දූෂණයක් සිදුවන බවටයි වාර්තා වන්නේ.
එබැවින් මධ්‍යම පරිසර අධිකාරිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව මෙම පියවර ගැනීමටයි තීරණය කර ඇත්තේ.
Share This Article