නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද
Wednesday, 19 August 2020 - 9:05 | Views - 545
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කැබිනට් හමුව උදෑසන 10 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.  

මේ අතර විසිවන ව්‍යවස්ථා සංශෝධනය අද දිනයේ රැස්වන නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද විසිවන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව වත්මන් පාලක පක්ෂය වන පොදුජන පෙරමුණ මහජනතාවට අදහස් ඉදිරිපත් කළා.

එමඟින් ඔවුන් සඳහන් කළේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් රටේ පාලන තන්ත්‍රය තුළ ඇති කර තිබෙන ව්‍යාකූලතාවන් හේතුවෙන් රාජ්‍ය පාලනය අස්ථාවර තත්වයකට පත්වන බවයි.

එසේම හදිසි සංශෝධන ඇතුළත් කිරීම හේතුවෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ පරස්පරතා රැසක් පවතින බවද ඔවුන් පෙන්වා දුන්නා.

මෙවන් පසුබිමකදියි රජය සිය පළමු අමාත්‍ය මණ්ඩල හමුවේදීම විසිවන ව්‍යවස්ථා සංශෝධනය සඳහා අනුමැතිය ලබාගැනීමට සූදානම් වන්නේ.

මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගන්නා විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීමට නියමිතයි.

අදාළ පනත් කෙටුම්පත ගැසට් කිරීමට නියමිතව ඇත්තේ ඉන් පසුවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top