ට‍්‍රම්ප් වැරදි ජනාධිපතිවරයෙක් බවට මිෂෙල් ඔබාමාගෙන් ප‍්‍රකාශයක්
Wednesday, 19 August 2020 - 8:54 | Views - 248
ඩොනල්ඩ් ට‍්‍රම්ප් යනු ඇමරිකානු ජනතාව තෝරාගත් වැරදි ජනාධිපතිවරයෙක් බව හිටපු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා ඩිමොක‍්‍රටික් පක්ෂයේ මහා සම්මේලනය සඳහා පටිගත කරන ලද ප‍්‍රකාශයක් එවමින් සඳහන් කර තිබේ.
 
විස්කොන්සින් හිදී පැවැත්වෙන එම සම්මේලනය සඳහා කොරෝනා වසංගතය හේතුවෙන් මහජන සහභාගිත්වය අවම කර තිබේ.
 
මෙවර ඇමරිකානු ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 3 වැනිදා පැවැත්වේ.
 
ට‍්‍රම්ප් ඇමරිකානුවන් අතර බේද ඇති කළ බවද ජාතිවාදය වැපිරූ බවට ද එම නිසා ජෝ බයිඩන් වැනි සාමකාමී පුද්ගලයකුට ඇමරිකාව භාරදිය යුතු බවට ද මිෂෙල් ඔබාමා හැඟුම්බරව ප‍්‍රකාශ කළාය.
 
මෙම සම්මේලනයේදී එරට ප‍්‍රධාන පෙළේ ඩිමොක‍්‍රටික් පක්ෂ නායකයෝ මෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ කලක් ට‍්‍රම්ප්ගේ හිතවාදීන් ව සිටි කීප දෙනෙකුද ඩිමොක‍්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් හට සහයෝගය පළ කරන ලදී.
 
 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top