සියඹලාපේ පලතුරු වෙළෙන්දා ඝාතනයේ සැක ගෝලයා සහ ඔහුගේ සඟයා අත්අඩංගුවට
Wednesday, 19 August 2020 - 8:51 | Views - 644
අභිරහස් අන්දමින් ගෙල සිර කර මරා වළ දමා තිබී සොයා ගනු ලැබූ බියගම, සියඹලාපේ හන්දියේ පන්සල ඉදිරිපිට පලතුරු වෙළෙඳ සැලක් පවත්වා ගෙන ගිය තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් එහි ගෝලයා (19 * හා ඔහුගේ සගයා (24* බියගම පොලිසිය මගින් ඊයේ (18) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ.
 
 එම ගෝලයා කැකිරාව ප‍්‍රදේශයේ ඔහුගේ මාමාගේ නිවසේ සැ`ගවී සිටියදී හා සගයා නුවර ප‍්‍රදේශයේ ආරණ්‍යයක සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
 
 එම දෙදෙනාම නුවර, තලාතුඔය, කපුලියැද්ද ප‍්‍රදේශයේ පදිංචි අවිවාහක තරුණයන් වන අතර ඔවුනට පෙර වැරදිද ඇතැයි පැවසේ.
 
 එසේ ඝාතනය කෙරුණේ ඇහැලියගොඩ, මුරුතහේන, දිගෝන, ගොඩගම්පල ප‍්‍රදේශයේ පදිංචිව සිටි ආර්. පී. මෙරිල් පත්මකුමාර නමැති 32 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
 
 එම ඝාතනය සිදු කරනු ලැබුවේ පලතුරු වෙළෙන්දාගේ බැංකු ගිණුමේ තිබෙන මුදල් ලබා ගැනීමට බවට පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය විය.
 
 එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ධනංජය රාජපක්‍ෂ මහතා විසින් ඝාතනයට ලක්වූ පලතුරු වෙළෙන්දාගේ බැංකු ගිණුම පරීක්‍ෂා කොට ඔහු ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ ඒටී. එම් කාඞ් පත භාවිතා කර එම ගිණුමෙන් මුදල් ලබා ගෙන තිබෙන දඹුල්ල හා කැකිරාව යන නගරවල පිහිටි ඒටීඑම් යන්ත‍්‍ර කුටිවල සවිකර ඇති සී. සී. ටී. වී. කැමරාවල රූපරාමු නිරීක්‍ෂණය කොට එම දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
 
 එම ගෝලයා මල් වෙළෙඳාම සිදු කරන අතර ඒ අනුව ඔහු එම පලතුරු වෙළෙඳසැලට මල් ගෙනැවිත් දී තිබේ. ඒ මත ඔහු එම පලතුරු වෙළෙන්දා සමග මිතුරුවී ඇත. පසුව පසුගිය 07 වැනිදා එම වෙළෙඳ සැලේ නැවතී සේවය කිරීමට පැමිණ තිබේ. එහිදී මොහුට පලතුරු වෙළෙන්දාගේ බැංකු පොත හමුවී එහි තිබෙන මුදල කොපමණද යන්න ඔහු නොදන්නා නිසා එහි ඉලක්කම් හයක් තිබෙන බවට සගයාට දුරකථනයෙන් පවසා ඇත. ඒ අනුව එම බැංකු ගිණුමේ තිබෙන තුන් ලක්‍ෂ හැත්තෑ දහසක මුදල තිස් හත් ලක්‍ෂයක් බවට සගයා වටහා ගෙන තිබේ.
 
 පසුව ගෝලයා හා සගයා එකතු වී පලතුරු වෙළෙන්දා මරා මුදල් ලබා ගැනීමට සැලසුම් කර ඇත. පසුගිය 10 වැනිදා රාත‍්‍රියේ සගයා එම පලතුරු වෙළෙඳසැලට ගෙන්වා ගෙන පලතුරු වෙළෙන්දා වෙළෙඳ සැලේ නිදා ගත් අවස්ථාවේ ඉනට දම බඳ පටියෙන් හා ලේන් සුවකින් ගෙල මිරිකා මරා වෙළෙඳ සැලට පිටුපස තිබෙන කැලෑ රොදක වළ දමා ඔවුන් ඒටීඑම් කාඞ් පත හා ජංගම දුරකථනය රැුගෙන පලා ගොස් ඇත.
 
 මේ සඳහා යොදා ගත් බඳපටිය ඒ අසල ඇළ මාර්ගයට විසි කර දමා තිබී සොයා ගනු ලැබූ අතර ඒටීඑම් කාඞ්පත හා මුදල් ලබා ගත් රිසිට් පත් ගෝලයා ළ`ග හා පලතුරු වෙළෙන්දාගේ ජංගම දුරකථනය සගයා විසින් රැුගෙන ගොස් කඩා විසිකර දමා තිබී සොයා ගන්නා ලදී.
 
ගෝලයා විසින් එම ගිණුමෙන් රුපියල් එක් ලක්‍ෂ දොළොස් දහසක මුදලක් අවස්ථා හතරකදී ලබා ගෙන ඉන් රුපියල් තිස් පන්දහසක මුදලක් සගයාට ලැබෙන්නට සලස්වා ඇත.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top