සංගා, නව ක්‍රීඩා ඇමති නාමල් හා මහින්දානන්ද ගැන කතා කරයි
Tuesday, 18 August 2020 - 17:09 | Views - 2,405
2011 ලෝක කුසලාන අවසන් මහ තරඟය පාවා දුන් බවට තමන්ට සාක්ෂි ඇති බවට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ඡන්දයට පෙර කළ ප්‍රකාශය සම්බන්ධයෙන්, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර අදහස් පළ කළා.
ඒ, මහනුවර - පල්ලෙකැලේ පොලිස් ස්ථානයේ අද (18) පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
එහිදී සංගක්කාර කියා සිටියේ, එම සිද්ධිය සම්බන්ධව විමසිය යුත්තේ මහින්දානන්ද මහතාගෙන්ම බවයි.
එමෙන්ම සංගක්කාර, නව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ පිළිබඳ විමසූ ප්‍රශ්නවලට ද පිළිතුරු ලබා දුන්නා.
Share This Article