සම්පායෝ යළි රිමාන්ඩ්
Tuesday, 18 August 2020 - 16:32 | Views - 461
බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ ජේලර්වරුන් තිදෙනා මේ මස 31 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය අද (18) නියෝග කළා.
වරෙන්තු නිකුත් කර දින 11කට පසු අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල දී අත්අඩංගුවට ගැනුනේ මේ මස 02 වනදායි.
වරෙන්තු ලබා සිටි ජේලර් කාලිංග කළුඅග්ගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ අතර, සෙසු ජේලර්වරුන් දෙදෙනා වන සරත් බණ්ඩාර සහ නිශාන්ත සේනාරත්න අධිකරණයට භාරවුණා.
Share This Article