ගාල්ල - මහමෝදර කන්නංගර විද්‍යාලයේ පැරණි පාසල් ගොඩනැගිල්ලට අද අත් වූ ඉරණම
Tuesday, 18 August 2020 - 15:25 | Views - 456
ගාල්ල - මහමෝදර පිහිටි C.W.W කන්නංගර විද්‍යාලයට අයත් ප්‍රාථමික අංශයේ පැරණි පාසල් ගොඩනැගිල්ල තුල සමාජ විරෝධී ක්‍රියාවන් සිදුවන බවට පාසලේ ආදි ශිෂ්‍යයින් සහ ප්‍රදේශවාසීන් චෝදනා එල්ලකරනවා.
2004 වසරේදී සුනාමි ව්‍යවසනයෙන් මෙම පාසල මුළු මනින්ම විනාශ වී තිබෙනවා.
සිහිවටනයක් ලෙස ඉතිරි වූ කන්නංගර විද්‍යාලයට අයත් මෙම පැරණි ගොඩනැගිල්ලට අද අත්ව ඇත්තේ කණගාටුදායක ඉරණමක්.
අද වන විට කන්නංගර විද්‍යාලයේ පාසල් සිසුන් 300කට අධික පිරිසක් සිප් සතර හදාරන අතර ඔවුන් අතරට සමස්ත ලංකා මට්ටමේ ජයග්රහන රැසක් හිමිකරගත් සිසු සිසුවියන්ද ඇතුළත්.
කෙසේ නමුත් කන්නංගර විද්‍යාලයට අයත් මෙම පැරණි ගොඩනැගිල්ලේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ආයුර්වේද මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්නේ කලක සිටයි.
Share This Article