අක්‍රීය වූ නොරොච්චෝ යලි පණගැන්වීමට, දින කිහිපයක් ගතවන ලකුණු
Tuesday, 18 August 2020 - 14:21 | Views - 837

දැනට අක්‍රීය වී ඇති නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන කටයුතු යලි යථා තත්ත්වයට පත් කිරීම සඳහා දින තුනකට වැඩි කාලයක් ගතවන බවයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළේ.
කෙරවලපිටිය ග්‍රීඩ් උප පොලෙහි නඩත්තු කටයුත්තක් අතරතුර ඊයේ දහවල් 12.35ට පමණ සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් දිවයිනටම විදුලිය විසන්ධි වුණා.
පැය ගණනාවකට පසු කොළඹ, ගම්පහ, කුරුණෑගල සහ දකුණු පළාතේ ප්‍රදේශ රැසකට ඊයේ රාත්‍රි 8 වනවිට විදුලි සැපයුම ලබාදුන් අතර අනෙකුත් පළාත්වලට රාත්‍රී 10 වනවිට විදුලි සැපයුහ ලබාදුන් බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් සඳහන් කළේ.
ඊයේ මෙරට සිදුවූ විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කර තිබුණා.
මේ අතර නොරොච්චෝලෙ විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර මඟින් නිපදවන විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එක් කර නොගැනීම නිසා එහි පිහිටි ස්වයංක්‍රීය සිසිලන පද්ධතිය තුළ ඇති වූ තාක්ෂණික කරුණු හේතුවෙන් එම බලාගාරයද අක්‍රීය වුණා.
මේ නිසා මෙගාවෝට් 810ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට අහිමි වනවා.
එමෙන්ම අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ උපදෙස් මත මෙම හදිසි විදුලිය බිඳ වැටීම පිළිබද සොයා බැලීමට පත් කළ කමිටුව අද පෙරවරුවේ රැස් වුණා.
මේ අතර, සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක සිය අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කරමින් අද පෙරවරුවේ කියා සිටියේ මෙවැනි විදුලිය බිඳ වැටීමේ සිද්ධි වලක්වා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ජාවක් අද දහවල් පැවැත්වෙන බවයි.
එමෙන්ම දිවයින පුරා ඊයේ සිදු වූ විදුලිය බිද වැටීම සහ එය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයෙන් අනිද්දාට පෙර වාර්තාවක් කැඳවා තිබෙනවා.
Share This Article