ලොවම කැළඹූ කොරෝනා වෛරසයේ, විකෘති ප්‍රභේදයක් ගැන, ඇඟ කිළිපොලා යන අනතුරු ඇඟවීමක්
Tuesday, 18 August 2020 - 14:01 | Views - 505

ලොවට වසංගතයක් වූ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයේ විකෘති වූ නව ප්‍රභේදයක් මැලේසියාවෙන් හමුව ඇති බවත්, එය සාමාන්‍ය කොරෝනා වෛරසයකට වඩා 10 ගුණයකින් ප්‍රබල බවත් වෛද්‍යවරු බිය පළ කරනවා.
මැලේසියා වෛද්‍යවරුන් හා මැලේසියා ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින්ට මෙම නව කොවිඩ් 19 වෛරස ප්‍රභේදය සොයා ගැනීමට හැකි වී ඇත්තේ කොරෝනා ආසාදිතයින් අතරිනුයි.
මෙම නව ප්‍රභේදය බිහිසුණු එකක් වී ඇත්තේ එහි පැතිරීම වේගවත් නිසාත් කිසිදු ඖෂධයකට එය අඩපණ කළ නොහැකි නිසාත් යැයි පර්යේෂකයෝ පැහැදිලි කරනවා.
කොරෝනා වෛරසය මනුෂ්‍යයින් අතරේ පැතිරෙන්නේ එය සැමවිටම විකෘතිකරණයට පක් වීමෙනුයි. වෛරසවල ස්වභාවය මෙය බවත්, වෛරසවලට එන්නත් හෝ ඖෂධ නිර්මාණය අසීරු වන්නේ ද මේ හේතුව නිසා බවත් වෛද්‍යවරු පෙන්වා දෙනවා.
හඳුනා ගනු ලැබූ මෙම නව කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදනය වූවන් සෙසු කොරෝනා ආසාදිතයින්ට වඩා අසාධ්‍ය තත්ත්වයට පත් වන බවද මැලේසියා සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රධානී නූර් හිෂාම් අබ්දුල්ලා පෙරේදා (16) මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.
මැලේසියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 9, 200 ඉක්මවා තිබෙනවා. සුවය ලැබූවන් 8, 859ක්.
මැලේසියාවෙන් මරණ 25 ක් වාර්තා වනවා.
Share This Article