රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවෙකු මීගමුව බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට
Tuesday, 18 August 2020 - 13:23 | Views - 4,992

රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවෙකු ඊයේ රාත්‍රියේ මීගමුව බන්ධනාගාරය තුළදී මියගොස් තිබෙනවා.
සැකකරු මියගිය හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි වාර්තාවන්නේ.
මරදගහමුල හපුවලාන ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට ගිය අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් මියගොස් ඇති සැකකරු සහ තවත් අයෙකු අල්ලා පොලිසියට භාරකර තිබෙනවා.
තමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යැයි පවසමින් සැකකරුවන් විසින් අදාළ නිවස කොල්ලකෑමට තැත්කර ඇති බවයි පොලිසියේ දී අනාවරණ වී ඇත්තේ.
පසුව ඔවුන් මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව වැඩ බලන මහෙස්ත්‍රාත් මංගල වර්ණකුලසූරිය මහතා එම සැකකරුවන් දෙදෙනා අද (18) දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.
ඒ අනුව අද මහෙස්ත්‍රාත් කේසර සී ඒ සමරදිවාකර මහතා හමුවේ කරුණු දැක්වූ මීගමුව බන්ධනාගාර නිලධාරීන් එම නඩුවේ පලමු සැකකරු මියගොස් ඇතිබව අධිකරණයට දැනුම්දී තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ නඩුවේ දෙවන සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇප මත මුදාහරින ලෙසට නියම කර තිබෙනවා.
නඩුව ඔක්තෝබර් මස 06 වෙනිදාට නැවත කැඳවීමටයි අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.
මියගිය සැකකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද මීගමුව රෝහලේදී සිදුකිරීමටයි නියමිතයි.
Share This Article