තම ලෙයින් උපන් දරුවන් සිව්දෙනාටම බරපතල නරුම වැඩක් කළ පාපතර පියා
Tuesday, 18 August 2020 - 12:00 | Views - 383
තම බාල වයස්කාර ගැහැණු ළමුන් තිදෙනෙකුට හා පිරිමි ළමයෙකුට බරපතළ ලිංගික අතවර සිදුකළ යහලතැන්න ප්‍රදේශයේ පදිංචි පියෙකු පොලීසියට ලැබුණු රහසිගත පෙත්සමකට අනුව කටුගස්තොට පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .

යුද හමුදා කඳවුරක සේවය කරන බව කියන 38 හැවිරිදි සැකකරු කලක සිට මෙසේ එම දරුවන්ට ලිංගික අතවර සිදු කළත් සැකකරුට ඇති බිය නිසා දරුවන්ගේ මව ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි සිදුකර නොමැති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

තම පස් හැවිරිදි, අට හැවිරිදි හා දහසය හැවිරිදි ගැහැණු ළමයින් තිදෙනෙකුට හා දොළොස් හැවිරිදි පුත්‍රයාට එසේ බරපතල ලිංගික අතවර සිදු කොට ඇති බව පොලීසිය කියයි .

අතවරයට පත් දරුවන් හතර දෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කරවීමට රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙන අතර කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්. එම්. එස්. උවින්දසිරි මහතාගේ උපදෙස් පරිදි කටුගස්තොට පොලිසිය ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක පොන්නම්පෙරුම මහත්මිය ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරයි .

ෂේන් සෙනෙවිරත්න
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top