සරසවි බිමේ වකුගඩු රෝගයට එරෙහිව නැගී සිටි නුවන් වකුගඩු රෝගයෙන්ම මියයයි
Tuesday, 18 August 2020 - 11:08 | Views - 683
වකුගඩු රෝගයට එරෙහිව සටන් කළ සරසවි සිසුවෙකු වකුගඩු රෝගයෙන්ම මිය ගිය සංවේදී පුවතක් නාඋල තුනේ කණුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ රජරට විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ සිවිවන වසරේ ඉගෙනුම ලැබූ නුවන් සේනානායක නම් සිසුවෙක්.
නාඋල ශ්‍රී නාග ජාතික පාසලෙන් අධ්‍යානය හදාරා විශ්ව විද්‍යාල වරම් ලැබු නුවන් සේනානායක වකුගඩු රෝගයට එරෙහිව සිය ක්‍රියාකාරකම් ආරම්භ කර
ඇත්තේ සිය මවද වකුගඩු රෝගයෙන් මිය යෑමත් සමගයි.
අනතුරුව ඔහු වසර ගනනාවක් තිස්සේ රජරට විශ්ව විද්‍යාල සිසු දරැවන් සමග උරෙන් උර ගැටී වකුගඩු රෝගයට එරෙහිව විවිධ වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.
සිසුවාගේ මරණය සැලවීමත් සමඟ ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා විශ්වවිද්‍යාල සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් නිවස වෙත පැමිණෙමින් සිටින්නේ ඔහු කළ මෙහෙය අදටත් අගය කරමින්.
Share This Article