රැඳවියෙකුට හෙරොයින් ගෙන යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට
Tuesday, 18 August 2020 - 10:53 | Views - 386
කෑගල්ල බන්ධනාගාරයේ රැඳවියෙකුට හෙරොයින් රැගෙන යමින් සිටි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරක් මත ඊයේ සිදුකළ වැටලීමේදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සතුව තිබී හෙරොයින් ග්රෑම් 6 යි මිලිග්රෑම් 350 ක් සොයා ගත් බවයි පොලීසිය ප්රකාශ කළේ.
එමෙන්ම, සැකකාරියගෙන් සිදුකළ ප්රශ්න කිරිම්වලදී ඇගේ නිවස සෝදිසි කර හෙරොයින් අලෙවි කිරීමෙන් උපයා ගත් රුපියල් 26,000 ක්, ජංගම දුරකථන 5 ක් ද සොයා ගෙන තිබෙනවා.
32 හැවිරිදි සැකකාරිය කොටියාකුඹුර ප්රදේශයේ පදිංචිකාරියක්.
Share This Article