එළව එළවා පහර දෙන උකුස්සෙක් නිසා පොළොන්නරුව ජනතාව දැඩි බියෙන්
Tuesday, 18 August 2020 - 9:35 | Views - 4,874
මහමඟ ගමන් ගන්නා ජනතාවට පන්න පන්නා පහර දෙන විශාල උකුස්සෙකු පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය වැව් බැම්මේ පිහිටි පත්තිනි දේවාලය අවට මේ දිනවල සැරිසරණ බව මහජනතාව කියා සිටී.

දැනට මාසයකට අධික කාලයක පටන් මේ පක්‍ෂියා මෙම ප‍්‍රදේශයේ සැරිසරණ බවත් පරාක‍්‍රම සමුද්‍රයේ සිටින මසුන් ආහාරයට ගැනීමට මහත් ගිජුකමක් දක්වන නිසා වැව් බැම්මේ පිහිටි ගස්වල අතුපතර අතර වාසය කරන බවද ඔවුහු පැවැසූහ.

මේ උකුස්සාගෙන් සිදුවන හිරිහැර නිසා කුඩා දරුවන්ද කැටුව එම ප‍්‍රදේශය හරහා පයින් ගමන් කිරීමට බොහෝ දෙනා බියක් දක්වන බවද ජනතාව වැඩිදුරටත් පැවසීය.

මහජනතාවට දැඩි බියක් සහ පීඩාවක් ගෙන දෙන අන්දමට සැරිසරණ මෙම උකුස්සා අල්ලා ජනශූන්‍ය ප‍්‍රදේශයකට ගෙන ගොස් මුදාහරින ලෙස වනජීවී නිලධාරීහු ඇතුළු අදාල බලධාරීන්ගෙන් ඒ ජනතාව ඉල්ලා සිටී.

පොලොන්නරුව පරාක‍්‍රම සමද්‍රය වැව් බැම්මේ පිහිටි පත්තිනි දේවාලය අවට පරිසරයේ මෙවැනි උකුස්සෙකු ගැවසෙන බවට වනජීවි කාර්යාලයට මෙතෙක් දැනගැනීමට ලැබී නැතැයි පොලොන්නරුව කලාප වනජීවී කාර්යාලයේ නිලධාරියෙකු මේ සම්බන්‍ධයෙන් අප කළ විමසුමකදී ප‍්‍රකාශ කලේය.


කරුණාරත්න ගමගේ
දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top