වෙළඳ අමාත්‍යාංශයේ තිබූ රිෂාඩ්ගේ, පෞද්ගලික විවේකාගාරය, ඇමති බන්දුල ඉවත් කරයි
Tuesday, 18 August 2020 - 9:26 | Views - 1,100
කොළඹ - වොක්ෂෝල් වීදියේ සතොස ගොඩනැගිල්ලේ 8 වන මහලේ හිටපු කර්මාන්ත හා වෙළඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් භාවිත කළ සුඛෝපභෝගී පෞද්ගලික අමාත්‍ය විවේකාගාරයක් සොයාගෙන තිබෙනවා.
නව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර ඇත්තේ එය වහාම ඉවත් කරන ලෙසයි.
අදාළ විවේකාගාරයේ සුඛෝපභෝගී ලෙස සකස් කරන ලද නිදන කාමරයක් ද පැවති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව ප්‍රොජෙක්ටරයක් සහ ඒ හා සම්බන්ධ පුළුල් තිරයක් මෙන්ම ශබ්ද විකාශන පද්ධතියක් ද අදාළ කාමරයේ තිබී සොයාගෙන තිබෙනවා.
එමෙන්ම ඊට යාබද සදළුතලයේ තිබී සුඛෝපභෝගී පුටුවක් ද සොයා ගත් බවයි අමාත්‍යාංශයේ නිලධාරියෙකු සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් අප හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් විමසීමක් කළා.
ඔහු සදහන් කළේ තමන් එම අමාත්‍යාංශයේ කටයුතු කිරීමට පෙර සිටම අදාළ විවේකාගාරය සකස් කර තිබූ බවටයි.
Share This Article