13 හැවිරිදි දැරියකට නරුම වැඩක් කළ පාපතරයින්ට අත් වූ ඉරණම
Tuesday, 18 August 2020 - 9:20 | Views - 233
ඉන්දියාවේ උත්තර ප්රදේශ් හිදී 13 හැවිරිදි දැරියක් දූෂණය කර මරාදමා තිබේ.
ලකීම් පූර් කේරි දිස්ත්රික්කයේ පකාරියා ගම්මානයේදී මෙම දූෂණ සිද්ධිය සිදුව තිබේ.
සිය දෙමාපියන් සමග උක් වගාවේ නිරත වන අතරතුර වැසිකිළියට ගිය මෙම දැරිය නැවත නොපැමිණි නිසා ඇගේ දෙමාපියන් ඇය සොයන්නට ගොස් තිබේ. පසුව මෙම දැරියගේ සිරුර උක් වගා බිමෙහි තිබී හමුවී තිබේ. දැරියට දූෂකයන් විසින් දරුණු තුවාල සිදු කර තිබූ බව පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් ගම්වාසීන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ කුඩා දැරියන් හා කාන්තාවන් දූෂණය කර මරා දැමීම නිතර නිතර සිදුවන අතර දූෂකයනට එරෙහිව දැඩි දඬුවම් පැනවුවද එම සිද්ධීන්ගේ අඩුවක් දක්නට නැත. පසුගිය කාලය පුරා වරින් වර ඉන්දියාවේ සිදුවූ ස්ත්රී දූෂණ ලොව පුරා දැඩි අවධානයට ලක්විය.
ඉන්දියාවේ දූෂණයට ලක්වන සෑම කාන්තාවන් සිවුදෙනෙක් ගෙන්ම එක් අයෙක්ම කුඩා දැරියකි.
Share This Article