13 හැවිරිදි දැරියකට නරුම වැඩක් කළ පාපතරයින්ට අත් වූ ඉරණම
Tuesday, 18 August 2020 - 9:20 | Views - 234
ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශ් හිදී 13 හැවිරිදි දැරියක් දූෂණය කර මරාදමා තිබේ.
 
 ලකීම් පූර් කේරි දිස්ත‍්‍රික්කයේ පකාරියා ගම්මානයේදී මෙම දූෂණ සිද්ධිය සිදුව තිබේ.
 
 සිය දෙමාපියන් සමග උක් වගාවේ නිරත වන අතරතුර වැසිකිළියට ගිය මෙම දැරිය නැවත නොපැමිණි නිසා ඇගේ දෙමාපියන් ඇය සොයන්නට ගොස් තිබේ. පසුව මෙම දැරියගේ සිරුර උක් වගා බිමෙහි තිබී හමුවී තිබේ. දැරියට දූෂකයන් විසින් දරුණු තුවාල සිදු කර තිබූ බව පැවසේ.
 
 සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් ගම්වාසීන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
 ඉන්දියාවේ කුඩා දැරියන් හා කාන්තාවන් දූෂණය කර මරා දැමීම නිතර නිතර සිදුවන අතර දූෂකයනට එරෙහිව දැඩි දඬුවම් පැනවුවද එම සිද්ධීන්ගේ අඩුවක් දක්නට නැත. පසුගිය කාලය පුරා වරින් වර ඉන්දියාවේ සිදුවූ ස්ත‍්‍රී දූෂණ ලොව පුරා දැඩි අවධානයට ලක්විය.
 
 ඉන්දියාවේ දූෂණයට ලක්වන සෑම කාන්තාවන් සිවුදෙනෙක් ගෙන්ම එක් අයෙක්ම කුඩා දැරියකි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top