ලෝකයම හංවඩු ගහපු Mia Khalifa ගැන, වෙනස්ම කතාවක් එළියට
Tuesday, 18 August 2020 - 9:08 | Views - 1,884
අන්තර්ජාලය පුරාවට සැරිසරන බොහෝ දෙනෙකුට ඇගේ රුව නිතැතින්ම මුණ ගැහෙනවා. කළු හම.... පත කණ්ණාඩි යුගළය.. ඇයටම අනන්‍ය වූවක්. මේ නිසාම ඇයව "ෆලෝ" කරපු, ඈ විදිහටම ඇඳ පළඳින්න උමතුවෙන් උන්නු පිරිස් ද නැතුවාම නෙවෙයි.

ලෝකයම පිස්සු වට්ටපු "නිල් චිත්‍රපට රැල්ලේ", "ට්‍රෙන්ඩ්" එකක් ඇති කරපු කෙනෙක් තමයි Mia Khalifa...
 
ඇය ඇත්තෙන්ම ලෙබනන් තරුණියක්. මුලින්ම නිල් චිත්‍රපටයක රඟපානකොට ඇයට හරියටම අවුරුදු 21 යි. (මේ 2014 වසරේදී. එදා ඉඳන් තමයි ඇය වැඩේට බහින්නේ.)
 
හැබැයි ඇගේ පළවැනි වීඩියෝ පෙළක ඇය හිජාබය පැළඳීම නිසා මහාත් ආන්දෝලනයකට ලක් වනවා. මේ හේතුව නිසාම ඇයට ISIS ත්‍රස්තයින්ගෙන් තර්ජන ඝර්ජන එල්ල වුනා කියලත් සඳහන්.
 
පසුකාලීනව නිල් චිත්‍රපටවලට "නැවතීමේ තිත" තියන ඇය සමාජ ක්‍රියාකාරිනියක්, සමාජ සේවිකාවක් ලෙස අද ලෝකයේම අවධානය නතු කරගනිමින් වෙනස්ම ගමනක නියැලෙනවා. තවමත් ඇයට සමීප රසික රසිකාවියන් ලක්ෂ ගණනක් ඈ දිහාවම ඇහැ ගහගෙන ඉන්නවා.
 
පසුගිය දවසක ජීවිත ගණනක් හිටි හැටියේ බිලි ගත්තු ලෙබනන් පිපිරීම ඔබට අමතක නැතුව ඇති. එවන් මොහොතකත් ඇය ජනතාව වෙනුවෙන් බොහෝ දේ සිදු කරන්නට පෙරමුණ ගත්තා. එමෙන්ම ඇය ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේද වීඩියෝ පට රාශියක් මුදා හැර තිබුණා.
 
එයින් නොනැවතී ඇය විසින් සිය නිල් චිත්‍රපට රංගනයේදී පැළඳි සිටි "‍ඉතිහාසගත උපැස් යුවළ"ත් ඩොලර් 100, 000 කට වෙන්දේසි කරන්නටද කටයුතු කර තිබෙනවා. ඒ පිපිරීමෙන් අවතැන් වූ පිරිස්වලට උපකාර කිරීම අරමුණු කරගෙනයි.
 
ඇය මෙය වෙන්දේසි සඳහා "කැප්ෂන්" කර තිබුණේ "පාවිච්චි කරන ලද සහ අපයෝජනයට ලක්වූ මගේ උපැස් යුවළ" ලෙසයි.
 
මෙය වෙන්දේසි තබා අනතුරුව අවසාන ලංසුව ඩොලර් ලක්ෂයක් බවයි ඇය කියා තිබුණේ.
 
"මගේ රටට යමක් දීමට තියනවද? තව දුරටත් නිදි වැදීමට නීති නැහැ.."
"මම කරන්නේ මට කරන්න පුළුවන් දේ..."
 
සමහරක් විටෙක ඇය ඈ ගැන උන්මාදයෙන් පෙළෙන පිරිස් වෙත පරිහරණය කළ තවත් දේ වෙන්දේසි කරනු ඇති. අනතුරුව ඒ සියල්ලෙන්ම උපයන මුදල් ඇය තම මව් රටට යවනු ඇති. (ඇය මේ වන විට ජීවත් වන්නේ එක්සත් ජනපදයේ.)
 
"නිල් නිළියක්" ලෙස ලෝකයම අවලාද විඳ දරා ගත් ඇය, ඒ සියලු අපහාසයන්, විඳ දරාගෙන මේ කරමින් සිටින සත්කාරය අග කළ යුතු නොවන්නේද? මේ වන විටත් ඇයට පැසසුම් බොහෝමයක් ගලා එන්නේ ඒ නිසයි............
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top