රාජ්‍ය අමාත්‍ය ව්‍යුහය ඇති කිරීමට හේතු ජනපති පහදයි
Tuesday, 18 August 2020 - 8:41 | Views - 672
ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමි වන ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩ නැගීම අරමුණු කොටගෙන මෙවර රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ, රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය සමාලෝචනය ආරම්භ කරමින් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදියි.

බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇගලුම් නිෂ්පාදනය විෂය කොට රාජ්‍ය අමාත්‍යාංශයක් නිර්මාණය කිරීමට හේතු වූ කරුණු ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළා.

කොවිඩ්-19 සමග දැඩි අර්බුදයකට මුහුණ පා ඇති සෙසු රටවල් යථා තත්ත්වයට පත්වන තෙක් දේශීය ආර්ථිකය දියුණු නොකර ඉදිරියට යා නොහැකි බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ඇගලුම් කර්මාන්තය රටේ සමස්ත අපනයනයෙන් සියයට 43ක් නියෝජනය කරනවා.

අපනයන ආදායමට වාර්ෂිකව ඉන් එක් කරන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 5ක්.

බතික් හා අත්යන්ත්‍ර කර්මාන්තය නගා සිටුවීමට සියළු අංශ ආවරණය කෙරෙන සැලසුමක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී උපදෙස් ලබාදුන්නා.

සළුසල වැනි ආයතන මගින් මතික් හා අත්යන්ත්‍ර රෙදි නිෂ්පාදකයාට වෙළදපොළක් සකසා දිය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

මේ අතර, සැප්තැම්බර් මස 2 වන දා සිට ක්‍රියාත්මක එක්ලක්ෂ 50,000ක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විමසුමට ලක්ව තිබෙනවා.

සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන් අදාළ විෂය මාලාව අනුව එම ක්ෂේත්‍රයන් හි රැකියාවල යෙදවීමට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදී ඇත්තේ.

අඩු ආදායම්ලාභී රැකියා ලක්ෂයට සුදුසුකම් තෝරා ගැනීමේදී සෑම ග්‍රාම සේවා වසමකම ඉහළම දරිද්‍රතාවකින් යුත් පිරිස තෝරා ගැනීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දී තිබෙනවා.

අදාළ වැඩසටහන පිළිබදව ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කළේ රාජ්‍ය සේවයේ දුර්වලතා සහ අඩුපාඩු මග හැරෙන ලෙස රැකියාගත පුහුණුවක් ලබාදීම අවශ්‍යතාවක් බවයි.

එමෙන්ම, නායකත්ව ඉලක්ක සපුරා ගැනීම සහ විශ්වාසයේ හැගීම යන කරුණුවල ප්‍රමුඛතාව වසරක පුහුණු කාලයට එක් කර ගත යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව උපාධිධාරීන් 51,135ක් පත්වීම් සඳහා සුදුසුකම් සපුරා ඇති අතර සුදුසුකම් නොලැබූවන්ගේ තොරතුරු ද වෙබ් අඩවියට ඇතුළත් කර තිබෙනවා.





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top