අගමැති ප්‍රමුඛ නව රජයේ අමාත්‍යවරුන් රැසක් සිය ධුරවල වැඩ අරඹයි
Monday, 17 August 2020 - 20:51 | Views - 370

නව රජයේ අමාත්‍යවරුන් රැසක් අදත් සිය ධුරවල වැඩ භාරගනු ලැබුවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍යාංශයේදී අද උදෑසන වැඩ භාර ගත්තා.
ඒ, මහා සංඝරත්නය ඇතුළු සර්වාගමික නායකයින්ගේ ආශිර්වාද මධ්‍යයේ. මෙම අවස්ථාවට නව රජයේ අමාත්‍යවරුන් රැසක්ද එක්ව සිටියා.
එහිදී රුපියල් 5000 ක වටිනාකමකින් යුතු නව මුදල් නෝට්ටුවක් නිකුත් කිරීම ද සිදු කෙරුණු අතර මහබැංකු අධිපතිවරයා විසින් එය නව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත පිළිගැන්වූවා.
අනතුරුව ගංගාරාම විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස ද සිය ධුරයේ වැඩ ආරම්භ කළා.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයේ රාජකාරී ආරම්භ කලේ ඉන් අනතුරුවයි.
වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ කොළඹ - ඩාලි පාරේ පිහිටි වාරිමාර්ග අමාත්‍යාංශයේදී වැඩ භාරගත් අතර තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු එම අවස්ථාවට එක්ව සිටියා.
එමෙන්ම, අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද චමල් රාජපක්ෂ අද එම ධුරයේ වැඩ ආරම්භ කළේ ඉන් අනතුරුවයි.
මේ අතර, අමාත්‍ය විමල් වීරවංශ අද වැඩ භාර ගනු ලැබුවේ කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදීයි.
උදය ගම්මන්පිල අමාත්‍යවරයා ද සර්වාගමික ආශිර්වාදය මධ්‍යයේ බලශක්ති අමාත්‍යාංශයේදී අද වැඩ භාර ගත්තා.
විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී වැඩ භාර ගත්තා.
අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම්දුන් අලි ෂබ්රි ද අද සිය ධුරයේ වැඩ ආරම්භ කළා.
මේ අතර, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශයේදී සිය ධුරයේ රාජකාරි ආරම්භ කළා.
එමෙන්ම, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත්, දිලූම් අමුණුගම, කනක හේරත්, ප්‍රසන්න රණවීර, පියංකර ජයරත්න සහ සිසිර ජයකොඩි මෙන්ම ෂෙහාන් සේමසිංහ අද සිය ධුරවල වැඩ ආරම්භ කරනු ලැබුවා.
මේ අතර, ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර, ඉඩම් හා දේපල සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ද ඉඩම් අමාත්‍යාංශයේදී වැඩ භාරගත්තා.
එමෙන්ම, දයාසිරි ජයසේකර කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ පිහිටි සිය අමාත්‍යාංශයේදී බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟලූම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රාජකාරී ආරම්භ කළා. එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එක්ව සිටියා.
Share This Article