හෙරොයින් ජාවාරමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ, තවත් අයෙකු අත්අඩංගුවට
Monday, 17 August 2020 - 20:46 | Views - 454
හෙරොයින් ජාවාරමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ, තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ප්‍රමාණය ග්‍රෑම් 15 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මේ අතර මීට පෙර අතුරුගිරිය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයා සන්තකයේ තිබූ මත්කුඩු තොගය නඩු භාණ්ඩ ලෙස එම දෙපාර්තමේන්තුව වෙත ලබාදී තිබූ ඒවා බවට මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

අතුරුගිරිය පොලීසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ අදාළ සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඒ බව අනාවරණ වූ බවයි.

අතුරුගිරිය, මොරටුවාහේන පාර පන්සල අසළ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී 28 හැවිරිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනුණේ ඊයේ රාත්‍රී කාලයේදියි.

පසුව මොහු රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර පිළියෙල කරන්නෙකු බවට හෙළි වුණා.

ඔහු සන්තකයේ තිබී සොයා ගැනුණු හෙරොයින් මත්කුඩු ප්‍රමාණය ග්‍රෑම් 18යි මිලිග්‍රෑම් 730ක්.

සැකකරු අද පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මොහුගෙන් දින 7ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමටයි මහේස්ත්‍රාත්වරයා පොලීසියට අවසර ලබාදුන්නේ.

අප මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ද විමසීමක් කළ අතර, එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙපාර්තමේන්තුවේ ආහාර අංශයේ සහ ආයතන අංශයේ සේවය කරන්නන් වන බවයි.

කෙසේ වෙතත්, නඩු භාණ්ඩ ලෙස පරීක්ෂා කිරීම් සඳහා ලැබෙන මත්කුඩු ගබඩා කර ඇති අංශය දැඩි ආරක්ෂක විධි විධාන යටතේ පවත්වාගෙන යන බැවින් පහසුවෙන් පුද්ගලයෙකුට ඊට ප්‍රවේශ විය නොහැකි බවයි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියා කියා සිටියේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මත්කුඩු ජාවාරමට සම්බන්ධ බවට මේ වන විට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

එම සිද්ධිය වාර්තා වීමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තිබූ මත්කුඩු තොගයක් පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබුවේ වැඩිදුර පරීක්ෂා කිරීම් සඳහායි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top