විදුලිය බිඳ වැටීමත් සමඟ කොළඹ මාර්ග කිහිපයක රථවාහන තදබදයක්
Monday, 17 August 2020 - 17:14 | Views - 276
කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.
රථවාහන තදබදයට හේතුව විදුලිය බිඳ වැටීමත් සමඟ මාර්ග සංඥා ක්‍රියාවිරහිතව පැවතීම බවටයි තොරතුරු වාර්තාවන්නේ.
අද දහවල් සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳ වැටීමක් සිදුවුනා.
කෙසේ වෙතත් දකුණු පළාතේ සහ කොත්මලේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම මේ වනවිට යථාතත්වයට පත්ව ඇති බවයි විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ.
මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාද ප්‍රකාශයක් සිදුකලා.
Share This Article