ඕස්ට්‍රේලියාවේ කොරෝනා දෙවැනි රැල්ලේ ඊයේ සිදුවූ කිසිවෙකු නොසිතූ මරණ සංඛ්‍යාව
Monday, 17 August 2020 - 16:26 | Views - 495
කොවිඩ්-19 දෙවන රැල්ලක් මතු වී ඇති ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ දිනය තුළ කොරෝනා මරණ 25ක් වාර්තා වී තිබෙනවා.
එය එහි මෙතෙක් වාර්තා වූ දිනෙක වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි.
ඊට පෙර පසුගිය 12 වන දා වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා මරණ 21ක් වාර්තා වුණා.
ගිනිකොණදිග ඕස්ට්‍රේලියාවේ පිහිටි වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී නව කොරෝනා ආසාදිතයන් 282 කු හඳුනා ගැනුණු අතර, ඊට පෙර දිනයේදී ද ආසාදිතයන් 279ක් හඳුනා ගැනුණා.
කෙසේ නමුත්, මේ මස මුලදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් දිනකට නව ආසාදිතයන් 700ක් පමණ හඳුනා ගැනුණු අතර, දැඩි සීමාවන් පැනවීමෙන් පසු ප්‍රාන්තයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය වී ඇති බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.
Share This Article