දිවයින පුරා විදුලිය විසන්ධි වෙයි
Monday, 17 August 2020 - 13:03 | Views - 1,529
සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මේ වනවිට දිවයින පුරා විදුලිය සැපයුම අඩාලවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙනවා.
විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂන ජයවර්ධන කියා සිටියේ කඩිනමින් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පියවර ගන්නා බවයි.
සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් මෙයට හේතුවී ඇති බවයි විෂය භාර අමාත්‍ය ඩලස් අහප්පෙරුම අප කළ විමසීමකදී පවසා සිටියේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙම බිඳවැටීම යථා තත්තත්වයට පත් කිරීමට පැය දෙකක පමණ කාලයක් ගතවන බවයි.
Share This Article