තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නියන් 07ක් මියයාම ගැන පරීක්ෂණ සඳහා කාලය අවශ්‍යයි
Monday, 17 August 2020 - 12:00 | Views - 576

පසුගිය ජනාධිපතිවරණ සමයේ හබරණ, තුම්බිකුලම රක්ෂිතයේ අභිරහස් ලෙස මියගොස් සිටි ඇතින්නියන් හත්දෙනාගේ මරණයට හේතු ඉදිරිපත් කිරීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය වන බව නව වනජීවී අමාත්‍ය සී.බී රත්නායක පවසනවා.
රජරට ප්‍රදේශයේ වන අලින් මියයෑම සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍යවරයා ඊයේ (16) පැමිණි අවස්ථාවේදී මෙම අදහස් පල කළා.
තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නියන් හත් දෙනෙකු අභිරහස් ලෙස මිය යාම සම්බන්ධයෙන් වන පරීක්ෂණ පිළිබඳව මාධ්‍යවේදීන් සිදුකළ විමසීමේ දී අමාත්‍යවරයා පවසා සිටියේ විවාහ වූ සැණින් දරුවන් ඉපදීම වැනි ප්‍රශ්න මාධ්‍යවේදීන් නගන බවත්, එම සතුන්ගේ මරණයන්ට හේතු සොයා ගැනීම සඳහා ගතවන කාලය නිශ්චිතව කිව නොහැකි බවයි.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරන බොහෝ දෙනා දැඩි කනස්සල්ලකින් යුතුව සේවය කරන බවත් ඉදිරියේදී කලකිරීමකින් තොරව සේවාව තෘප්තිමත් වන ආකාරයෙන් නිලධාරීන් සමඟ වනජීවී වන සංරක්ෂණ වීෂයන් දෙක එක හා සමානව පවත්වා ගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
දිවයිනේ වන ජීවි පශු වෛද්‍යවරුන් සඳහා විශේෂ උසස්වීම් ක්‍රමවේදයක් සකසන බවත් ඉදිරියේ දී වනජීවී විශේෂඥ වෛද්‍යවරුන් හඳුන්වාදීමේ නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
Share This Article