මඟුල් කපුකම් කරන කාන්තාවට හොරෙන් විවාහ වෙන්න ගිය මනාල යුවල අතටම කොටු කරගත්ත හැටි
Monday, 17 August 2020 - 11:42 | Views - 1,741

‘‘...ගුවන් තොටුපල නැතුව සංචාරකයො එන්නෙ නෑ... සංචාරකයො නැතුව දේශීය අමුත්තන්ට විතරක් දේශීය මිළගණන් වලට කෑම විකුණලා අපේ වගේ දැවැන්ත හෝටල් නඩත්තු කරන්න බෑ... ඒ අතින් බලපුවාම ඉතින් තානායම් වලට අපිට තරම් අවදානමක් නෑ...’’
මගේ සමිපතම හෝටල් ව්‍යාපාර මිතුරෙක් ඡන්දය ගැන කතා කරන්න ගනිපු ඇමතුම සංචාරක කර්මාන්තයේ වර්තමානය දක්වා ඇදී ඇවිත් තිබුණා.
‘‘...කොහොමටත් ඉදිරියෙදි කාට කාටත් සංචාරක ව්‍යාපාරය ගැන නම් පැහැදිලි තීරණයකට එන්න වෙනවා...’’
‘‘...මචං මම පොඞ්ඩක් ෆෝන් එක තියන්නද?... කව්දෝ ගෑනු මනුස්සයෙක් මාව හමුවෙන්න දැන් පැය කාලක් විතර තිස්සේ දොරළඟ හිටගෙන ඉන්නවා...’’
මම බැරිම තැන යාලූවට බාධා කළා
‘‘...හරි... හරි... තියහං... දැන් ඉතින් උඹලා කොහොමටත් අපි වැඩිය දිගින් දිගට කතා කරනවට කැමති නෑනේ....’’
මගේ මිතුරා මට දේශපාලන ඇනුම් පදයකුත් එල්ල කරමින්ම නිහ`ඩ වුණා.
‘‘... එන්න... ඉඳගන්න...’’
දැන් නැතිවට දැන් නිමාව දකින අදහසින් මා පැවැත්වූ දුරකථන සංවාදය නිමා වූ සැනින් කර්යාල කාමරයේ උලූවස්ස අසල හිටගෙන සිටි කාන්තාව කෙලින්ම මගේ මේසය අසලට ඇවිද ගෙන විත් අසුන් ගත්තා.
පලින් පල ඉදුනු කෙස් සහිත තනි කරලට ගෙතූ කෙස් වැටියක් සහ වැඩිහිටි පෙනුමකින් යුත් තළෙළු පැහැති එම කාන්තාව ලා පැහැති සායකිින් සහ හැට්ටයකින් සැරසී සිටියා.
‘‘...මම තරුණ ජෝඩු වලට කපුකම් කතා කරන කෙනෙක් සර්... අසවල් අක්කා කීවාම මේ පළාතෙ මාව නොදන්න කෙනෙක් නෑ...’’
ඇය තමා හඳුන්වන අන්වර්ථ නාමය ඉතා ඝර්වයෙන් මා හමුවේ ප්‍රකාශ කළා.
‘‘...එතකොට මගුල් කපු කමද රස්සාව...? ෂා... මරු නේ... එහෙම නම් ගොඩක් අත්දැකීම් ඇති...’’
මම මගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය භාවිත කරමින් ඇගෙන් ඇහැව්වා.
මෙතෙක් වේලා මගෙන් ප්‍රකාශ වුණු සීරියස් බව හිරු දුටු පිණි සේ පළවා හැරගත් කාන්තාව අසුනේ හරි බරි ගැසී තම වෘත්තීය අත්දැකීම් මා හමුවේ රිසි සේ මුදා හරින්නට පටන් ගත්තා.
‘‘...විවිධ මංගල සේවා අනේක විධ නම් වලින් අන්තර්ජාලෙ වැහි වැහැලා මහත්තයා... ඒවයෙ වැඩි හරියක් ඉන්නෙ බොරු නම් වලින් බැන්දෙ නෑ වගේ පෙනී ඉන්න බැඳපු පිරිමි මහත්තයා...’’
කාන්තාව ගත් කටටම කීවා. මම අයා ගත් නෙතින් වටපිට බැලූවා. මැයගෙන් තව තවත් කරුණු දැන ගැනීමට නම් කළ යුත්තේ ඇගේ
මතය පරාජය කිරීමට කරුණු කීමයි. මම ඒ උපක්රමයට ගියා.
‘‘...පිස්සුද ඔයා කොහොමද එහෙම කියන්නේ... සමහර ඒවට හැඳුනුම්පත ඊමේල් ලිපිනය පවා ඕනෑ ලියාපදිංචි වෙන්න...’’
‘‘... ඒක හරි මහත්තයා... ඒ උනාට මෙහෙම නේ... දැන් මහත්තයා කියමුකෝ... ආයතනෙක ලියාපදිංචි වෙලා මනමාලියක් හොයා ගත්තා කියමුකෝ...’’
‘‘...ඔව් ඉතින්...’’
‘‘...ඉතින් මනමාලි හොයා ගත්තට පස්සෙත් දැන්වීම ඉවත් නොකළොත් මොකද වෙන්නේ... තවත් මනමාලියො ඔය මනමාලයට කතා කරනවා නේ... ඊට පස්සෙ මොකද වෙන්නේ... ඊට පස්සෙ ?ට ?ට වීඩියෝ කෝල් අරගන්න පුලූවන් විනෝදෙට බර මනමාලියො එක්ක අර මනමාලයා බැන්දට පස්සෙත් දිගින් දිගටම සෙට් වෙලා සම්බන්ධය ගෙනියනවා...’’
මම විමතියෙන් කට ඇරගෙන කපු කාන්තාවගේ හ`ඩ ශ්‍රවණය කළා.
‘‘...ඒ විතරක් යැ... දැන් මගුල් කපුවො හැටියට අපි ජෝඩුවක් සෙට් කරත් දෙන්නම අහන්නේ ෆේස් බුක් ඉන්නවද කියලා... මේ ෆේස් බුක් කෙරුවාවෙනුත් අපිට පට්ට පාඩුයි මහත්තයා...’’
‘‘...ඇයි..? කියන්න ඇයි ඒ...?..’’
මගේ කුතුහලයට බ්රේක් නෑ.
‘‘...මෙහෙමයි... සර්... මහත්තයලගෙ අපේ කාලෙ නම් ජෝඩුව පළමු වරට මුණ ගස්වන්නය කියලා දෙපැත්තෙන්ම කපුවා ගාණක් කපා ගත්තා... නමුත් දැන් මේ ෆේස් බුක් කරුමෙ නිසා ඒක කරන්න විදියකුත් නෑ...’’
මගේ මුවින් සුසුමක් පිට වුණා.
‘‘...එතකොට කේන්දර පොරොන්දම්...’’
මම තව තවත් කපු කාන්තාව උස් ගැන්වූවා.
‘‘.... දැන් ඇප් තියෙනවානේ මහත්තයා... ෆෝන් ඇප්...’’
‘‘...මොනවා.. ඇප්..?..’’
‘‘...ඔව් මහත්තයා... ඔය ජංගම දුරකථන මෘදුකාංග කියලා නේ කියන්නේ... ආං ඒවා... දැන් ඉස්සර වගේ් කේන්දර පොරොන්දම් වලිනුත් අපිට යහමින් ගාණක් කපන්න බෑ මහත්තයා...
දැන් කසාද වයසෙ පහුවෙන හැම කෙල්ලගෙම ෆෝන් එකේ කේන්දර ඇප් එකක් පොරොන්දම් ඇප් එකක් වරදින්නෙ නෑ...’’
මම කට ඇරගෙන කපු කාන්තාව දිහාව බලාගෙන හිටියා.
‘‘...ඇයි මහත්තයා පුදුම වෙලා... දැන් ඉන්න ඇට්ටර කෙල්ලකට කොල්ලෙක් හමු වුණාම චාටුවෙන් උපන් වෙලාව අහගෙන ඇප් එකෙන් කේන්දරෙයි පොරොන්දනුයි සේරම එයාලාම බලා ගන්නවා...
දෙන්නා හමු නොවී ෆේස් බුක් එකෙන්ම පැටිකිරිය සොයා ගන්නවා... එහෙමත් තැනක විතරයි මහත්තයා හරි හමන් චාරිත්‍ර අනුව වැඩක් කෙරෙන්නේ...’’
මගේ මුවින් පිටවූ සුසුමේ සැරට මේසය උඩ තිබුණු බර නොතැබූ කඩදාසි කීපයක්ම සෙලවුණා.
මැය කියනා තරමටම මේ තත්වය මෙතරම්ම සංකීරණද?
‘‘...ඇයි මහත්තයා මෙච්චර විස්තර අහන්නේ.... මහත්තයා හරි... එහෙම නැත්නම් මහත්තයගෙ කවුරු හරි... දැරිවියක් හොයනවද?... කියන්න... නොම්මර එකේ කේන්දර තුන හතරක්ම මේ දැනුත් පර්ස් එකේ තියෙනවා...’’
තම අත් බෑගය විවර කරගත් කපු කාන්තාව එය අවුස්සන්නට පටන් ගත්තා.
‘‘...එක්ස්කියුස් මී සර්...’’
තානායමේ වේටර් සමන් මගේ කාර්යාල කාමරයේ උලූවස්ස සමීපයේ සිට කපු කාන්තාවට බීමට යමක් ගේන්න දැයි ඇයට නොපෙනෙන හස්ත මුද්‍රාවෙන් විමසුවා.
‘‘... ආ... එන්න සමන්... මේ කපුකම් කතා කරන මිස් කෙනෙක්... මෙන්න මේ වේටර් මහත්තයා දැන් කාලයක් තිස්සේ මනමාලියක් සොයනවා... බැරිද එයාට මොකක්...’’
කපු කාන්තාව විදුලියක වේගයෙන් සමන් දෙස හැරී බැලූවා.
ආතක් පාතක් නොදත් වේටර් සමන් වික්ෂිප්තව ඇයදෙස බලා සිටියා.
‘‘... ඔහෙප්පලයං... මේ ඉලංදාරියට මොකෝ බැරි ඇස් දෙක පියං මනමාලියො හොයන්න... මොකද්ද පුතා නැකත... අයියෝ... ලග්නෙවත් මතකද?.... රාක්ෂද දේවද දන්නෑනේ... ශනියා කොහේද?... කාල සර්පයක් එහෙම නම් නැතුව ඇති මුහුණෙ පෙම් පාටෙ හැටියට...’’
කාන්තාව සමන් ගේ හිසේ සිට පාදාන්තය තෙක් විමසුම් බැල්මක් හෙලමින් කියා සිටියා.
‘‘... මෙන්න තියෙනවා කේන්දර ඩබලක්ම...’’
වේටර් සමනුත් මමත් වෙන්නෙ මොකක්ද කියන කුතුහලයෙන් මුහුණට මුහුණ බලා ගත්තා.
‘‘...මෙන්න මේ කේන්දරේ නර්ස් නෝනා කෙනෙක්... හොඳ සල්ලි... පොල්ම අක්කර හතරයි කුරුණෑගල.. ඉටි රූපෙ වගෙයි...
නමුත් පිරිමි ඉල්ලන්නෙම ගුරුවරියො...සර්.. පුදුම ඉල්ලීමක් ගුරුවරියන්ට තියෙන්නෙ. ඒත් හෙදියකගෙ වටිනකම දන්නෙ ඉස්පිරිතාලෙක මාසයක් හමාරක් නතර වෙච්ච කෙනෙක් විතරයි නේ සර්..
මේ අනික් කේන්දරේ.. විද්‍යාපීඨ ගුරු හැබැයි පොඩි පරහකට තියෙන්නෙ පිං වපරයක් තියෙනවා.. හැබැයි කණ්ණාඩි දැම්මම නම් පොඞ්ඩක්වත් පේන්නෙ නෑ...
අනික ඇහේ වපරෙ මොකද්ද මහත්තයා ඉස්කෝලෙ ඇරිලා හවස තුන වෙද්දි නෝනා ගෙදර නම්....’’
කපු කාන්තාව කියාගෙන යනවා. සමනුයි මමයි මුහුණට මුහුණ බලා ගන්නවා.
‘‘...හොඳයි...බොහොම හොඳයි... ඒත් තවම කීවෙ නෑනේ ඔබ තුමිය තානායමට ආව කාරණාව මොකක්ද කියලා...’’
මම මාතෘකාව වෙනස් කෙරුවා.
‘‘...ඒක නේන්නම් මැනේජර් මහත්තයා... අනේ මට කියන්න ලබන මාසෙ මෙහේ තානායමේ වෙඩින් එකක් තියෙනවද කියලා...’’
‘‘...ලබන මාසෙට තියෙනවා අපිට එකම එක වෙඩින් එකක්...’’
‘‘...අනේ හැබෑට...මොකක්ද සර් ඒ ජෝඩුවගෙ නම?...’’
මම ඒ මනාල යුවළගේ නම ඇයට කීවා.
‘‘...හරියට හරි මහත්තයා... මට අන්න ඒක තමයි දැනගන්න ඕන වෙලා තිබුණෙ...’’
ඇය කෝපයෙන් වෙව්ලමින් කීවා.
‘‘...ඔය මංගල්ලෙ මම සෙට් කරපු එකක් සර්... දැන් ඔය වගේ වගක් නැතිව මට හාංකවසියක් කියන්නෙ නැතිව ලව් කරපු ගාණට ඔය මගුල ගන්නයි ජෝඩුව හදන්නේ...
මහත්තයා දන්නවද කපුවෙක් මංගල්ලයක් පංගාර්තු කරලා දුන්නම දැන් කාලෙ කපු ගාස්තුව කීයක් ගෙවන්න ඕනද කියලා...?
එහෙම තියෙද්දියි ඔය පරට්ට මනමාලි කපු ගාස්තුව තියා බඳින බවවත් මේ මට නොකියා හොරෙන්ම ඔය කසාද බඳින්න හදන්නෙ... හොඳයි බැඳලා බලමුකෝ...’’
කපු කාන්තාව දත්මිටි සපමින් දොඩවන්න පටන් ගත්තා.
වේටර් සමනුත් මමත් දාගත්ත අහක යන ලෙඩක තරම ගැන හිතමින් මුහුණට මුහුණ බලා ගත්තා.
දිවයින පුවත් පත වෙනුවෙන් රන්ජන් ගාමිණී ජයවර්ධන ලියු ලිපියකි
Share This Article