අගමැති මහින්ද මුදල් අමාත්‍යාංශයේ වැඩ භාරගනී
Monday, 17 August 2020 - 11:10 | Views - 541
නව රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (17) පෙරවරුවේ එම අමාත්‍ය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළා.
මුදල් අමාත්‍යාංශයේදී අග්‍රාමාත්‍යවරයා වැඩ භාරගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල ඇතුලු පිරිසක් එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
පෙරවරු 10.16 ට යෙදුණු සුබ මොහොතින් අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කළේ සර්වාගමික වතාවත් වලින් අනතුරුවයි.
මෙහිදී මහබැංකු අධිපතිවරයා විසින් රුපියල් පන්දහසේ නව මුදල් නෝට්ටුවක් සංකේතාත්මකව අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවා.
Share This Article