අගමැති මහින්ද මුදල් අමාත්‍යාංශයේ වැඩ භාරගනී
Monday, 17 August 2020 - 11:10 | Views - 542
නව රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (17) පෙරවරුවේ එම අමාත්‍ය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළා.

මුදල් අමාත්‍යාංශයේදී අග්‍රාමාත්‍යවරයා වැඩ භාරගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල ඇතුලු පිරිසක් එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

පෙරවරු 10.16 ට යෙදුණු සුබ මොහොතින් අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කළේ සර්වාගමික වතාවත් වලින් අනතුරුවයි.

මෙහිදී මහබැංකු අධිපතිවරයා විසින් රුපියල් පන්දහසේ නව මුදල් නෝට්ටුවක් සංකේතාත්මකව අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top