තම අනියම් පුරුෂයා සමග විවාහ වන්නැයි දියණියට බල කළ අපූරු මවක්
Monday, 17 August 2020 - 10:43 | Views - 235
බළන්ගොඩ, රාස්සගල ප‍්‍රදේශයේ අලංකාර පංගුව නමැති ගමේ අම්මා කෙනෙකු සිය දියණියක් විවාහ කර දෙන බවට පොරොන්දුවී තම නිවසේ රඳවා ගත් අවුරුදු 26 ක පමණ තරුණයකු තම අනියම් පුරුෂයා ලෙස තබා ගැනීම නිසා සිදු වූ අවුලක් බේරා ගැනීමට පොලිසියේ පිහිට පැතීමට එම අම්මාගේ තරුණ දියණියට සිදුවිය.

සිද්ධිය මෙසේය. මෙම කාන්තාව වයස අවුරුදු 46 ක පමණ පසු වේ. මැයට දූ වරුන් තිදෙනෙක් සිටී. ඔවුන් වයස අවුරුදු 25 සහ 20 අතර පසු වේ. මෙම කාන්තාව තම දියණියක් සරණ පාවා දෙන බවට පොරොන්දු වී නිවසේ ගොවිතැන් කටයුතු ද කරවා ගනිමින් තරුණයකු නතර කර ගත්තාය. කාලය ගෙවී යද්දී මොහු සම`ග අනියම් ඇසුරක් පවත්වන්නට පටන් ගත්තාය. මැයගේ සැමියා බොහෝ විට ගොවිපොළේ පැලේ කාලය ගත කළේ වන සතුන්ගෙන් වගාව රැක ගැනීමටය. මෙම තරුණයා ඔහු සමගද කිට්ටු ඇසුරක් පවත්වා ගත්තේ හේනේ පැලට කෑම, තේ ආදිය රැගෙන යමිනි. තරුණයාව කාන්තාව එම කටයුතු සඳහාද පොළඹවා ගන්නට සමත් වූවාය. මොවුන්ගේ ඇසුර දැනගත් දියණියන් තිදෙනාගෙන් දෙදෙනෙකු මීට මාස කීපයකට පෙර වෙනත් තරුණයින් දෙදෙනෙකු සම`ග නිවසින් පැන ගියහ.

දැනට නිවසේ ඉතිරිව සිටින තරුණියට (දුව) අදාළ තරුණයා සමග එක්වන්නට මව බල කළාය. එයට අකමැති වූ දියණිය බේරුමක් නොමැති නිසා පොලිසියට පැමිණිලි කළාය. මෙය දැනගත් මව පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට බල කළාය. පසුව කෙසේ හෝ මෙම කාන්තාවත් ඇගේ සැමියාත් පොලිසියට කැඳවා විභාග කිරීමේදී සිද්ධිය මනාව තේරුම් ගත් කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප‍්‍ර. පො. ප. පාලිකා රාජපක්‍ෂ මහත්මිය තිදරු මවට තදින් අවවාද කරමින් වහාම අනියම් පුරුෂයා නිවසින් පිටත් කර හැරීමට නියම කළාය. මෙවැනි නොමනා ක‍්‍රියාවන් නිසා මිනිස් ඝාතන පවා සිදුවන බව පෙන්වා දෙමින් අම්මාවරුන්ට නින්දා නොකරන ලෙස අදාළ කාන්තාවට තදින් අවවාද කළාය. වසර 08 ක් වැඩ පළ කරමින් දියණිය විවාහ කර ගන්න බාලාපොරොත්තුවෙන් සිටි තරුණයාගේ තිබූ බලාපොරොත්තු සුන්වී ගියේ තරුණ දියණිය මෙම විවාහයට අකමැති වූ නිසාය.

බළන්ගොඩ - එන්. එච්. පියසේන
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top