ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ඉතාලි යන්න ගිය, තරුණියක් කටුනායකදී අත්අඩංගුවට
Monday, 17 August 2020 - 9:48 | Views - 5,528
ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලේඛන සකසා වීසා කාඩ්පතක් සහ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් විදෙස් ගතවීමට තැත් කළ තරුණියක් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉතාලිය වෙත යාමට උත්සාහ කළ 19 හැවිරිදි හලාවත - කටුනේරිය ප්‍රදේශයේ පදිංචි තරුණියක්.
ඊයේ (16) අලුයම ඇය ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාගැනීමේ කවුළුව වෙත පැමිණි අවස්ථාවේදී ඉතාලියට ඇතුළුවීම සඳහා නිකුත් කර තිබූ වීසා කාඩ්පත පිළිබදව සැක සිතී අදාළ ගුවන් සමාගමේ නිලධාරීන් ඒ පිළිබදව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත දැනුම් දී තිබුණා.
එහිදී අනාවරණ වී ඇත්තේ ඉතාලියේ නේවාසික වීසා හිමි කාන්තාවකගේ තොරතුරු යොදාගෙන මෙම තරුණියගේ ඡායාරූපය පමණක් ඇතුළත් කොට වීසා කාඩ්පත සකස් කර ඇති බවටයි.
එම තොරතුරුම ඇතුළත් කොට ව්‍යාජ ලෙස ගුවන් ගමන් බලපත්‍රයක් ද අදාළ තරුණිය විසින් සකස් කර තිබෙනවා.
වීසා සහ ගුවන් ගමන් බලපත්‍රවලට ව්‍යාජ මුද්‍රාවක් ද භාවිත කර ඇති බවටයි සිදුකරන ලද විමර්ශනවලදී තවදුරටත් අනාවරණ වී ඇත්තේ.
Share This Article