සිව් මසකට පසු සරසවි අද ඇරඹේ - සෞඛ්‍ය නිර්දේශ නොමැති බවට අන්තරෙන් චෝදනා
Monday, 17 August 2020 - 9:09 | Views - 380
සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු මාස 04 කට පමණ පසු අද (17) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

එහෙත් විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යයන කටයුතු අද (17) ආරම්භ නොකෙරෙන බවයි එම සරසවි නිවේදනය කළේ.

ඒ, සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව සිසුන්ට ප්‍රමාණවත් පරිදි පහසුකම් නොමැතිවීම හේතුවෙන්.

ඒ අනුව කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අනිද්දා සිට ආරම්භ වන බවයි එම විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ සඳහන් කළේ.

එමෙන්ම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ද අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඔහු කියා සිටියේ මීට පෙර දැනුම් දුන් පරිදි විභාග පැවැත්වෙන බැවින් කළමනාකරණ පීඨයේ දෙවන සහ සිව් වන වසර සිසුන් සහ මානව ශාස්ත්‍ර පීඨයේ අවසන් වසර සිසුන් අද දිනයේ විශ්වවිද්‍යාලය වෙත කැදවා ඇති බවයි.

විභාග කටයුතු අවසන් වීමෙන් පසුව අධ්‍යයන කටයුතු සඳහා සියළුම වසරවල සිසුන් විශ්වවිද්‍යාලය වෙත කැඳවීමට පියවර ගන්නා බවයි උප කුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ සඳහන් කළේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාල පසුගිය අප්‍රේල් මස 21 වනදා සිට වසා දැමුණු අතර, ජූනි මාසයේ සිට ක්‍රමානුකූලව අවසන් වසර විභාග සඳහා අදාළ සිසුන් වෙනුවෙන් පමණක් විශ්වවිද්‍යාල විවෘත කෙරුණා.

මේ අතර, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් චෝදනා කළේ විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා නිසි සෞඛ්‍ය නිර්දේශ මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top