මැතිසබයේ පළමු සැසිය ඇරඹීමේදී හමුදා උත්තමාචාර, අශ්වාරෝහක පෙළපාලි නැහැ
Monday, 17 August 2020 - 8:31 | Views - 647
පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කිරීමේදී මින් පෙර පැවති ආකාරයේ සැමරුම් කිසිවක් සිදු නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ලබන 20 වනදා පැවැත්වෙන 09 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භයේදී පෙර පැවති ආකාරයට හමුදා උත්තමාචාර සහ අශ්වාරෝහක පෙළපාලි නොපැවැත්වෙන බවයි වාර්තාවන්නේ.

පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයට සහභාගිවන ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ජයමංගල ගාථා ගායනා කිරීම පමණක් සිදුකිරීමට නියමිතයි.

09 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ලබන 20 වනදා උදෑසන 9.30 ට පැවැත්වෙන අතර, එහිදී පළමුව කතානායකවරයා තෝරා පත් කරගැනීම සිදු කෙරෙනවා.

ඉන් පසුව මන්ත්‍රීවරුන් දිවුරුම්දීම සහ ප්‍රතිඥා දීම සිදු කෙරෙනු ඇති.

අනතුරුව නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත් කරගැනෙන අතර, පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇති.

කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැටපෙල අසළදී ජනාධිපතිවරයා පිළිගැනෙන අතර, වේත්‍රධාරී, නියෝජ්‍ය වේත්‍රධාරී සහ සහකාර  වේත්‍රධාරීන් පෙරටුකරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මූලාසනය වෙත කැඳවාගෙන යාමට නියමිතයි.

ජනාධිපතිවරයා මුලසුනේ සිට පස්වරු තුනට නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top