අගමැති මහින්ද මුදල් අමාත්‍යංශයේ වැඩභාරගැනීම අද
Monday, 17 August 2020 - 8:09 | Views - 444
නව රජයේ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අදත් වැඩභාරගැනීමට නියමිත බව වාර්තා වනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාතවරයා ලෙස එම අමාත්‍යාංශයේදී අද (17) පෙරවරුවේ වැඩභාරගැනීමට නියමිතයි.
ඊට අමතරව අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සිය අමාත්‍යාංශවල වැඩ භාරගන්නවා.
රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, සිරිපාල ගම්ලත් සහ පියංකර ජයරත්න යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිපදෙනෙකුද අද දිනයේ වැඩභාරගැනීමට නියමිතයි.
Share This Article