ජන ජීවිත අවදානමේ හෙළන පාල
Sunday, 16 August 2020 - 14:22 | Views - 561
අම්බලන්තොට රිදියගමත් තාලිගලත් යා කෙරෙන පාලමේ ඉදිකිරීම් සිදුව ඇත්තේ 1990 වසරේදී.

නමුත් මේ දක්වා කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදු නොකිරීම හේතුවෙන් දිනෙන් දින දිරාපත්වෙමින් පවතින්නේ මිනිසුන්ගේ ජීවිත අවදානමේ හෙළමින්.

කෙසේ වෙතත් ගම්මාන රැසක ජනතාවය සිය දෛනික ඕනෑ එපාකම් හේතුවෙන් සිය ජීවිත අවදානමද නොතකා මෙම පාලමෙන් එගොඩ මෙගොඩ යාමට සිදුව තිබෙනවා.

මේ පාලම හරහා ප්‍රදේශයේ ගම්මාන රැසක ගොවි ජනතාව සිය ඕනෑ එපානම් ඉටු කරගන්නේ සිය ජීවිතයද උකසට තබමිනුයි.

ඒ මේ දක්වාම කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක්ව නොමැති ලදිනෙන් දින දිරා පත්වන පාලම හරහා එගොඩ මෙගොඩ යමින්.

ප්‍රදේශයේ ගොවි ජනතාවගේ මෙම ගැටළුවට විසඳුමක් ලෙසින් අම්බලන්තොට වලවේ ගඟ හරහා තාලිගල සහ රිදියගම යා කෙරෙමින් නව පාලමක ඉදිකිරීම් ආරම්භ වන්නේ 2017 වසරේදි.

රුපියල් මිලියන 270කට අධික පිරිවැයක් දරමින් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය මගින් ඉදි කිරීම් ආරම්භකළ පාලමේ වැඩ අවසන්වීමට නියමිතව තිබූණේ 2019 වසරේදී.

නමුත් අද වන විට පාලමේ ඉදිකිරීම් අත්හැර දමා තිබෙන්නේ රුපියල් කෝටි ගණණාවක් මහපොලවට දිරාපත් වෙමින්.

යතුරුපැදි දෙකකටවත් එකවර මාරු විය නොහැකි තරමේ පටු පාලම වෙනුවට සැමට සහනයක් වෙනුවෙන් ඉදිකිරීම් ඇරඹි නව පාලමේ වැඩකටයුතු හැකි ඉක්මණින් අවසන් කරදෙන්නැයි ගම්වාසීන්, බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

රුපියල් කෝටි ගණනාවක් නිකරුණේ මහපොලවට දිරාපත් වෙන්නට ඉඩ නොදී එය නැවත ජනතා අයිතියට පත් කරන තුරු රතු මිනිත්තුව අවධානයෙන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top