මාලදිවයිනේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට
Sunday, 16 August 2020 - 14:15 | Views - 554
මාලදිවයිනේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් 176 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් අද (16) දිවයිනට පැමිණියා.
අදාළ පිරිස මාලදිවයින තුළ සංචාරක ක්ෂේත්රයේ රැකියාවල නිරතවී සිටි පිරිසක් බවටයි වාර්තාවන්නේ.
ඔවුන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණීමෙන් අනතුරුව පී.සී.ආර්. පරීක්ෂණවලටද ලක් කර තිබෙනවා.
Share This Article