මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන 45 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කෙරේ
Sunday, 16 August 2020 - 14:11 | Views - 491

රුපියල් මිලියන 200කට වැඩි වටිනාමක් ඇති මැන්ඩි මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 සමග අත්අඩංගුවට පුද්ගලයා බලපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත අද ඉදිරිපත් කර රදවා ගෙන ප්‍රශ්ණ කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.
දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අම්බලන්ගොඩ කලූවඩුමුල්ල - විජයාරාම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.
අම්බලන්ගොඩ - පටබැදිමුල්ල වෙරළ මාවත ප්‍රදේශයේ අබලි ද්‍රව්‍ය ගබඩා කර ඇති ස්ථානයක සඟවා තිබියදි මැන්ඩි නැමති මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකි වු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කලේ.
රාත්‍රී සමාජ ශාලවලට සහ සමාජ මාධ්‍ය හරහා සංවිධානය කරන සාදවලදි මෙම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ අරමුණින් මෙරටට ආනයනය කර ඇති බව වැඩිදුර සිදුකළ විමර්ශණ වලදි අනාවරණය වි තිබෙනවා.
මීට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න කියා සිටියා.
මේ අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ වැටලීම් වලදි මේවන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 45 දෙනෙකු රඳවා ගෙන ප්‍රශ්ණ කිරීම් තොරතුරු රැසක් අනාවරණ කරගැනීමටද පොලීසියට හැකිව තිබෙනවා.
Share This Article